April 26, 2024

"Uniform ඇදන් හිටියට අපිත් ඉන්නවා ඔයාලා එක්ක" - අත්පොලසන් හඬ මැද පොලිස් නිලධාරියෙක් විරෝධතාවයට එක් වෙයි (VIDEO)

පවතින දූෂිත පාලනයට එරෙහිව අද (04) දිනයේත් දිවයිනේ බොහොමයක් ස්ථානවල විරෝධතා දැක්වීම් සිදු කෙරුණා.

මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වුණා.

බොහෝ ස්ථානවල පොලිස් නිලධාරීන් පවා යොදවා තිබුණා.

මේ අතර කොට්ටාව මංසන්ධියේද විරෝධතාවයක් පැවැත්වීම සඳහා බොහෝ දෙනෙක් එක්‌ රැස් වී සිටියා.

රැස්ව සිටි පිරිසගේ දැඩි අත්පොලසන් හඬ මැද පොලිස් නිලධාරියෙක් ද උද්ඝෝෂණයට සහය දැක්වීමට එකතු වුණා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 April 2022 13:47