April 25, 2024

"ක්‍රිස් මට සමාවෙන්න" - සුපිරි හොලිවුඩ් නළු ස්මිත්ගෙන් සමාව ඉල්ලයි

විල් ස්මිත් ඔස්කාර් සම්මාන උළෙලේ වේදිකාවේදී එහි සිටි නිවේදකයාට පහර දී තිබෙනවා.

ඔහු ක්‍රිස් රොක්ට පහර දුන්නේ ඔහුගේ බිරිඳ වන ජඩා පින්කට් ස්මිත් ගැන විහිළුවක් කිරීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්මිත් වේදිකාවට ගොස්  රොක්ට පහර දීමෙන් පසු ඔහුගේ අසුන වෙත ආපසු ගොස් කෑ ගසා තිබෙන්නේ  “මගේ බිරිඳගේ නම ඔබේ කටින් නැවතත් කියන්න එපා ” යනුවෙනුයි.

ස්මිත් හොඳම නළුවා සම්මානය දිනා ගැනීමෙන් පසුව කඳුළු සලමින් සමාව අයැද සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“මට ඔස්කාර් සම්මාන ඇකඩමියෙන් සමාව ගැනීමට අවශ්‍යයි. මගේ සියලු නාම යෝජනාකරුවන්ගෙන් මට සමාව ගැනීමට අවශ්‍යයි” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් විල් ස්මිත් රසිකයන්ගෙන් හා එතැන සිටි සියලු දෙනාගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

සමාව ඉල්ලමින් ඔහු සිය සිනමාවේ මිත්‍රයින්ගෙන් මෙන්ම සහෘද ප්‍රේක්ෂකයින්ගෙන් ද සමාව ඉල්ලමින් විශේෂ සටහනක් සිය නිල මුහුණුපොත හරහා සිදු කර තිබෙන්නේ මෙලෙසින්.

''ප්‍රචණ්ඩත්වය සෑම අතකින් ම විනාශකාරී දෙයක්. ඊයේ රාත්‍රියේ ඇකඩමි සම්මාන උළෙලේදී මගේ හැසිරීම පිළිගත නොහැකි සහ සමාව දිය නොහැකි වරදක්. රොක්ගේ විහිළු කිරීම ඔහුගේ ම රැකියාවේ කොටසක් බව මං පිළිගන්නවා. නමුත් ජාඩාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විහිළුවක් මට දරාගත නොහැකි දෙයක් . මම හැඟීම්බර ව ප්‍රතිචාර දැක්වූයේ ඒ නිසයි...මම ඔබෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න කැමතියි, ක්‍රිස් මං පිටතින් ඉඳන් ඒ දේ බැලුවේ. මට වැරදුණා. මම ලැජ්ජාවට පත්වෙනවා මගේ ක්‍රියාව ගැන.. ආදරය සහ කරුණාව ඇති ලෝකයක ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ ... (Violence in all of its forms is poisonous and destructive. My behavior at last night’s Academy Awards was unacceptable and inexcusable. Jokes at my expense are a part of the job, but a joke about Jada’s medical condition was too much for me to bear and I reacted emotionally.I would like to publicly apologize to you, Chris. I was out of line and I was wrong. I am embarrassed and my actions were not indicative of the man I want to be. There is no place for violence in a world of love and kindness.)

ඇකඩමියෙන්, ප්‍රසංගයේ නිෂ්පාදකවරුන්ගෙන්, සහභාගී වූ සියලුම දෙනාගෙන් සහ ලොව පුරා නරඹන සියලු දෙනාගෙන් මම සමාව අයැද සිටින්න කැමතියි !. මම විලියම්ස් පවුලෙන් සහ මගේ රිචඩ් රජ පවුලෙන් සමාව ඉල්ලන්නත් කැමතියි. (I would also like to apologize to the Academy, the producers of the show, all the attendees and everyone watching around the world. I would like to apologize to the Williams Family and my King Richard Family. I deeply regret that my behavior has stained what has been an otherwise gorgeous journey for all of us.)

May be an image of text

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 March 2022 12:38