April 25, 2024

ඔස්කා සම්මාන රාත්‍රිය උණුසුම් කල විල්ස් ස්මිත්ගේ කනේ පහර

93 වන ඔස්කා (Acedamy/Oscar) සම්මාන උලෙල මෙවර අවසන් වූයේ ඔස්කා සම්මන ඉතිහාසයේ තවත් කිසිදා අමතක නොවන රාත්‍රියක් සනිටුහන් කරමින්.

ලෝකප්‍රකට නලුවෙකු වන විල්ස් ස්මිත් එහිදී හොදම නලුවා සම්මානය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ඒ The King Richard සිනමාපටය වෙනුවෙන්.

මෙම සම්මාන උලලේ ස්මිත් හොදම නලුවා සම්මානය දිනා ගැනීමට පෙර ඔහු හා මෙම සම්මාන උලෙලේ නිවේදකයා ලෙස කටයුතු කල ක්‍රිස් රොක් (Chris Rock) සමග ආරවුලක් ඇති කර ගත්තා.

නමුත් එය දුරදිග ගියේ නැති වුනත් ස්මිත් වේදිකාවට පැමිණ ක්‍රිස් රොක්ගේ කම්මුලට පහරක් දී නැවත බැහැලා ගියා.

ක්‍රිස් තමන් දන්නා අත්දැකීමෙන් තත්වය කිසිවක් නොවූ පරිදි සමනය කරගන්න සමත් වුනත් මෙම සිදුවීම ඔහුගේ නමට කැලලක් ඇති කල සිදුවීමක් වුනා.

මේ සිදුවීමට හේතුව වූයේ ක්‍රිස් විසින් විල්ස් ස්මිත්ගේ බිරිද Jada Smith සම්බන්ධව කරන ලද නොහික්මුනු විහිලුවක්.

ජේඩා Alopecia නම් හිසකෙස් ගැලවී යාමේ රෝගයකින් පෙලෙන අතර මේ නිසා ඇය හිස මුඩුකර සිටිනවා.

ස්මිත් හා ජේඩා අතර පවුල් ප්‍රශ්න ඇති බවට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබුනු නිසාදෝ ක්‍රිස් රොක් මෙහිදී කිසිදු පැකිලීමකින් තොරව ජේඩා සම්බන්ධ කරගනිමින් විහිලු කිහිපයක්ම පැවසුවා.

ජේඩා හිස මුඩු කොට සිටින නිසා ක්‍රිස් ඇය G I Jane 2 සිනමාපටයේ රංගනයේ රගපාන තෙක් තමා නොවිසිල්ලෙන් සිටින බව කියා සිටිනවා.

ඔහු පවසන්නේ "Jada, I love you,”. “G.I. Jane 2, can’t wait to see it, all right?” ලෙසයි.

G I Jane යනු 1997 වසරේ තිරගත වූ Demi Moore රංගනයෙන් දායක වුනු සිනමාපටයක්.

මෙහිදී Demi නාවික හමුදා සෙබලියකගේ චරිතය නිරූපණය කරන අතර ඇය සිනමාපටය පුරා හිස මුඩුකර සිටිනවා.

ක්‍රිස් Jada සමාන කලේ එදා ඩෙමී රගපෑ චරිතයටයි.

Jada රෝගයකින් පීඩා විදින බැවින් ස්මිතට තම බිරිදට කරන ලද මේ නොමනා විහිලුවට හොදටම කේන්ති ගියා.

ඔහු එක්වරම අසුනෙන් නැගී සිට ක්‍රිස් වෙත ගිය අතර ඔහුට කන හරහා පහරක් දී නැවත අසුනට පැමිණ "Keep my wife's name out of your f**** mouth" ලෙස කෑගසන්නට උනා.

මෙම සිදුවීම ක්‍රිස් විහිලුවක් ලෙස සිදුකරන ලද්දක් වුවත් එය තම බිරිදට කරන ලද අගෞරවයක් ලෙසයි විල්ස් ස්මිත් සදහන් කරන්නේ.

මෙම සිදුවීමෙන් සුලු වේලාවකට පසු ස්මිත් හොදම නලුවා සම්මානය දිනා ගන්න සමත් වූ අතර ඔහු කදුලු සලමින් සිදු වූ දේ පිලිබදව තමා කණගාටු වන බව පවසා සිටියා.

Will Smith and Jada Pinkett Smith posing at the red carpet of the 2022 Critics Choice Awards.

Rate this item
(1 Vote)
Last modified on Monday, 28 March 2022 16:17