April 19, 2024

කට්ටි පැන්න පාසල් සිසුන්ට වෙච්ච දේ (VIDEO)

විමසිලිමත් ගම්වාසීන් පිරිසක් විසින් අනතුරුදායක ස්‍ථානයක දිය නෑමට යමින් සිටි සිසුන් කිහිපදෙනෙක්ව එම ස්ථානයට යෑමෙන් වලක්වා ඔවුන්ව පොලිස් නිලධාරීන්ට භාර දීමේ පුවතක් ගම්පහ දාරලුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අද උදෑසන කොළඹ පාසලක සිසුන් කිහිපදෙනෙක් පාසල් ඇදුමෙන් ගම්පහ දාරලුව ඇනිකට් එකට යමින් සිටියේ දිය නෑමටයි.

ඔවුන් පාසල් ඇදුමින් සිටි බැවින් ගම්වාසීන් ඔවුන් ගැන විමසිලිමත් වී තිබෙනවා.

විශේෂයෙන් ම දාරලුව එම ස්ථානයේ දිය නෑමට උත්සාහ කළ පාසල් සිසුවෙක් පසුගිය සතියේ ජීවිතක්ෂයට පත් වුණා.

ඒ පිලිබදව සිසුන්ට දන්වා එහි දිය නෑමට නොයන ලෙස වැඩිහිටි පුද්ගලයෙක් සිසුන්ට පවසා තිබුණා.

පසුව තවත් ගම්වාසින් එහි රැස්වී සිසුන්ව සිය ග්‍රහණයට ගැනීමට සමත් වී ඇති අතර සිසුන් දෙදෙනෙක් එම ස්ථානයෙන් පැන ගොස් තිබෙනවා.

ගම්වාසීන් සිය බාරයට ගත් සිසුන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට භාර දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2022 08:50