March 28, 2024

අසේකා කෝටිපති පෙම්වතා වෙනුවෙන් තබපු ආදරණීය සටහන

චන්න විජේවර්ධන කියන නම ඔබට හුරු පුරුදු බව නම් අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒ වගේම තමයි චන්න විජේවර්ධනගේ ආදරණීය බිරිද තමයි උපුලී පණීභාරත කියන්නේ.

මේ යුවල තමයි දේශීය නර්තනය ඊළග පරපුරට දායාද කරන්න ඇප කැප වෙලා ඉන්නේ.

ඒ ආදරණීය යුවළගේ දියණිය තමයි අසේකා විජේවර්ධන කියලා කියන්නේ.

ඇයත් පරම්පරාවෙන් ආ නර්තන හැකියාව උපරිමයෙන් තියෙන යොවුන් නර්තන ශිල්පිනියක්.

කොළඹ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු ඇය උසස් අධ්‍යාපන කටයුතු නර්තන අංශයෙන් නිම කරනවා.

අසේකා මේ වන විට මේ වන විට චන්න උපුලි ඩාන්සින් ඇකඩමියේ වැඩ කටයුතු කරගෙන යනවා.

මේ ආදරණීය චරිතය ඒ කියන්නේ  අසේකා විජේවර්ධන මේ වෙද්දි  ලස්සන ආදරයක ආදරණීය පෙම්වතියක් වෙලා.

ගොඩක් දෙනෙක් මේ සම්බන්ධතාවය ගැන දැනගෙන හිටියේ නැහැ.

එනිසාම ඇගේ රසික රසිකාවියන් පුදුමයට පත් කරමින්  ඇයට පසුගිය දවසක මේ ආදරණීය පෙම්වතා හරි  පුදුම කිරීමක් සහිතව විවාහ යෝජනාවක් ගේනවා. 

ඉතින් ගුවනින් ඇවිත් තමයි ඔහු මේ විවාහ යෝජනාව ඇයට කරන්නේ.

යෝජනාව  අසේකා ඉතාමත් සතුටින් භාර ගත්තා.

ඉතින් ඒ අවස්ථාවේදී  ඇත්තටම අසේකා ඒ සියලුම දේවල් සංවිධානය කිරීම පිළිබඳව ඔහුට ස්තුතිවන්ත වෙලා තිබුණා.

මේ අවස්ථාවෙදි විශේෂත්වය තමයි මේ සුන්දර  තරුණයා ඇය වෙනුවෙන් ගීතයක් ගායනා කරනවා.

ඒ ජීවිතයට වත් බොහෝ රසික පිරිසක් අදහස් ඉදිරිපත් කරලා තිබුණා.

ඉතින් ඒ ගීතය මේ වන විට  රසිකයන්ටත් බලන්න මුදාහැරලා කියලා ආරංචියි.

ඉතින් පසුගිය දවසක ඇය මේ ගීතයත් සමගම මේ කෝටිපති පෙම්වතාට ස්තුතිවන්ත වෙමින් හරි අපූරු සටහනක් මුහුණු පොතට එකතු කරනවා.

ඒ සටහන තුළ ඇය සඳහන් කරලා තිබුනෙ පහත ආකාරයේ අදහසක්.

මේ දවස ඒ තරං අමතක නොවන දවසක් පත් කළාට ආදරණීය ජනිත් ඔබට බොහොමත්ම ස්තුතියි. මම මේ මොහොතේ අවසන් වන තුරුම එය අගය කරමි. ඉතින් මේ පුදුමාකාර මිනිසා සමග මගේ ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා.”

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 March 2022 09:31