April 19, 2024

චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දුට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂක සුනිල් ටී ප්‍රනාන්දු මහතාට එරෙහිව පසුගිය 18 වනදා කොළඹ වානිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ ඔහු අධ්‍යක්ෂක ධූරය දරන මූවි ප්‍රඩියුසර්ස් ඇන්ඩ් ඉම්පෝර්ටර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ කටයුතු වලට මැදිහත්වීම හා එකි සමාගමේ අධක්ෂකවරයෙකු ලෙස කටයුතු කිරීම වලක්වාලමින්.

මෙහිදි පෙත්සම්කාර අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් නීතිඥ ඉරේෂා පුර්ණිමා මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා විසින් වානිජ මහාධිකරණ වෙත සදහන් කර සිටියේ සුනිල් ටී ප්‍රනාන්දු මහතා විසින් සමාගමේ කටයුතු වැරදි ලෙස පාලනය කරමින් සිටින බවත් එමගින් සමාගම වෙත විශාල හානියක් සිදු වන බවත් එය සමස්ථ චිත්‍රපටි ක්ෂේත්‍රයේම පරිහානියට බලපානු ලබන බවයි.

කරුණු සලකා බැලු වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළා.

මේ සම්බන්ධ නැවත නඩුව මැයි මස 24 වනදා කැදවීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 March 2022 16:19