April 24, 2024

"සියලු බාධක පීඩා අගහිඟකම් මැද වුවද නොසැලී ජීවිතයට මුහුණ දෙන්න" - නිහඩව සිටි උමාලිගෙන් ෆේස්බුක් සටහනක්

උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

ඇය මුහුණු පොතේ තබන සටහන් ගැන හැමෝගෙම අවධානය යොමුවෙලා තිබෙනවා.

කෙසේ නමුත් බොහෝ අවස්ථාවන් වල දී බුදුදහමත් එක්ක ගනුදෙනු කරමින් ජීවිතය සකසා ගත් උමාලි පසුගිය දවසක ජීවිතයේ තවත් එක්තරා කඩඉමක් වන උපන්දිනය සමරනවා.

ඇයගේ උපන් දිනය වෙනුවෙන් බොහෝ රසික පිරිසක් ආදරණීය සුබපැතුම් රැසක්ම එකතු කරලා තිබුණා.

ඉතින් ඒ හැම සුබ පැතුමක් ම ආදරයෙන් බාර ගත්තු උමාලී ඒ සියලුම දෙනාට අපූරු සටහනක් එකතු කරලා ස්තුතිවන්ත වුණේ මෙහෙමයි.

“බොහොම ස්තූතියි සියලුම දෙනාට ජයෙන් ජයම වේවා. සියලු බාධක පීඩා අගහිඟකම් මැද වුවද නොසැලී ජීවිතයට මුහුණ දෙමින්  හැම මොහොතක්ම අර්ථවත්ව ගත කරන්නට ඔබ ඔබේ කාලය  ශ්‍රමය ජවය ධනය පුද්ගල සබඳතා සහ ජීවිත දර්ශනය නිසිලෙස යොදවන මානසික සෞඛ්‍ය සපිරි සුවපත් ජනතාවක්ම වේවා”

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 March 2022 20:42