April 25, 2024

මෙවර ලෝක රූ රැජින කිරුළ කැරොලිනාට

පුවටෝ රිකෝ රාජ්‍යයේ පැවති 70වන ලෝක රූ රැජින තරගාවලියේදී පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කා (Karoline Bielawska) මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළ දිනා ගෙන තිබෙනවා.

ඒ අනුව පුවටෝ රිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් අගනුවරදී ඊයේ (16) 70වන ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වුණා.

එහිදී රටවල් 97ක තරගකාරියන් අතරින් කිරුළ හිමි කරගැනීමට සමත් වුයේ පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කා ය.

23 හැවිරිදි වියේ පසුවන කැරොලිනා බියලොව්ස්කා (Karoline Bielawska) කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරමින් සිටින අතර නිරූපිකාවක් ලෙසත් කටයුතු කරනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 March 2022 19:49