April 25, 2024

විදුලිය නෑ, කන්න නෑ, ඉන්ධන නෑ, ලංකාව සංචාරයට අවදානම් - ටුවරිසම් ප්‍රමෝට් කරන්න ආ කෙන්ට ලංකාව එපා වෙයි

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයන්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බව ලෝ ප්‍රකට සංචාරය යූටියුබ් තරුවක් වන කෙන් අබ්‍රෝඩ් පවසනවා.

දිනපතා පැය 06 – 08 ක විදුලි කප්පාදුවක් සිදුවන බැවින් වායු සමීකරණ නොමැතිව, විදුලිය නොමැතිව සිටීමට සිදුවන බවත්, සංචාරයකයන් සඳහා වන අවන්හල් රැසක් වසාදමා ඇති බැවින් ඇතැම් ප්‍රදේශවල ආහාර පාන සපයා ගැනීම පවා දැඩි ගැටලුවක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලොවපුරා රටවල ආකර්ශනීය සංචාරක ස්ථාන වෙත ගොස් ඒ පිළිබඳව සිය යූටියුබ් නාලිකාව හරහා ලොවටම පෙන්වා දෙන කෙන් අබ්රෝඩ් පවසන්නේ එම කටයුතුවලටද විදුලි කප්පාදුව බාධාවක් වී ඇති බවයි.

සිය පරිඝනකය ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාත්මක කළ නොහැකි බවත්, වීඩියෝ සකස් කර ගැනීමට නොහැකි බවත් පෙන්වා දෙන ඔහු පවසන්නේ සිය සංචාරය අතරමග අත්හිටුවා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට තීරණය කළ බවයි.

සිය සංචාරය තුළදී බොහෝවිට සෑම ස්ථානයක් පිළිබඳවම ධනාත්මක ප්‍රතිචාර දක්වන මෙම යූටියුබ් තරුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම් දක්වන්නේ බරපතල අයහපත් ප්‍රතිචාරයකි.

මේ වනවිට ශ්‍රී ලංකාව කිසිසේත්ම සංචාරය කිරීම සඳහා සුදුසු නොවන රටවක් ලෙස ඔහු හඳුන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 March 2022 12:16