April 18, 2024

නිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය (PHOTOS)

පොලිස් නිලධාරියෙකු නිල ඇඳුමින් සැරසී පාසල් දරුවෙකුට ආහාර කවන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ මේ දිනවල සැරිසරනවා.

එහි සිටින්නේ නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා මහතායි.

අද උදෑසන කඩුවෙල මුනිදාස කුමාරතුංග විදුහල ඉදිරිපිටදී මෙම දරුවා බස් රථයෙන් වැටී අනතුරට ලක්ව තිබෙනවා.

එම අවස්ථාවේ පාසල ඉදිරිපිට රථවාහන රාජකාරී කටයුතුවල නිරතව සිට ඇත්තේ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයායි.

අනතුර දුටු පොලිස් ස්ථානාධිපතිවරයා කඩිනමින් ක්‍රියාත්මක වී ක්ලාන්ත වී සිටි දරුවා ජීප් රථයට නංවාගෙන නවගමුව රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව දරුවා කුසගින්නේ සිට ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස අවන්හලක් වෙත රැගෙන ගොස් දරුවාට අහාර ලබා දීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව දරුවාගේ මව්පියන් කැඳවා දරුවා ඔවුන් භාරයට පත්කිරීමට ස්ථානාධිපතිවරයා කට යුතු කර තිබෙනවා.

May be an image of 2 people and indoor

May be an image of 2 people and people sitting

May be an image of 3 people, people sitting and indoor

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2022 19:12