April 16, 2024

සමන්මලීගේ අහිමි දෙපා වෙනුවෙන් සරණක් වූ දෙපා අහිමි උපුල් (PHOTOS)

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අග භාගයේදී සිදු වෙච්ච දරුණු අනතුරකින් දෙපා අහිමි වූ නයෝමි සමන්මලී ගැන ඒෂියන් මිරර් අපි පසුගිය දා අනාවරණය කලා.

ඒ පුවතින් පසු සමන්මලීට උදව් කරන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙද්දී ඒ පුවත දුටු උපතින්ම දෙපා අහිමි මැදවච්චියේ උපුල් රංජිත් මාතලේ නාවුල පිහිටි ඇගේ නිවස හොයාගෙන ගියා.

කපිල ගුණරත්න මහතා සමග උපුල් මේ ගමන ආවේ සමන්මලීට රෝද පුටුවකුත් අරගෙන.

බිදුණු හිත් ඇති සමන්මලීට උපුල්ගේ වචන විශ්වාසයේ අඩිතාලම දැම්මා.

"උපුල් අයියා මට දවසක් කතා කරලා එයාගේ ජීවිත කතාව මට කිව්වා. එතනින් තමයි මම ගොඩාක් හිතා ගත්තේ ඒ විදියට හිතන්න මම පටන් ගත්තා. මටත් ආසයි අසරණ කට්ටියට උදව් කරන්න." සමන්මලී සිය හඩ අවදි කලේ එලෙසයි.

මේ වෙද්දී සමන්මලීට බොහෝ අය උපකාර කරද්දී ඉතාලියේ ඉන්න ධානපතියෙකුගේ උදව්වෙන් එයාලගේ ගෙදර ලහි ලහියේ ම නාන කාමරයකුත් ඉදි කෙරෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2022 11:39