April 25, 2024

වියදම රුපියල් 800යි - වැඩ දෙකක් කරගත හැකි ලිපක් සෑදු තරුණයෙක්

නව ආරක දර ලිපක් නිර්මාණය කිරීමට දැරණියගල, විලගම පදිංචි නිසාන් තාරුක තරුණයා සමත් සමත් වී තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ලිපෙන් ආහාර පිස ගන්නා අතරතුරේම උණු වතුර ද එම ලිපෙන්ම ලබා ගැනීමට හැකි වීමයි.

තමන් නිර්මාණය කළ ලිප ගැන ඔහු මෙසේ අදහස් දක්වා සිටියා,

"මම මේ සඳහා උපයෝගී කර ගත්තේ ඉවත ලන මැටි හට්ටියක්, තවත් කුඩා මැටි භාජනයක්, වෝල්ට් 12 ෆෑන් එකක් හා තඹ දඟර කැබැල්ලක් , පොල්කටු අඟුරු හෝ ඉතා කුඩා දර කැබලි කිහිපයක අඟුරු මේකට යොදා ගත්තා. අඟුරු හට්ටියට දමා ඊට යට ඇති මැටි භාජනයට සවිකර ඇති ෆෑන් එකට වෝල්ට් 12 විදුලියක් මගින් ෆෑන් එක කරකැවිලා අවශ්‍ය වාතය ඇතුළු වී නිතරම ගිනි රස්නය පවතිනවා. ඇත්ත වශයෙන්ම වෑංජනයක් විනාඩි හතරකට වඩා අඩු කාලයක් තුළ පිස ගැනීමට පුළුවන්. මෙහි විශේෂත්වය තමා ඒ අතරතුර ලිප හරහා ඇති තඹ දඟරය මගින් එක් කෙලවරකින් ජලය ලබා දීමත් සමඟම අනෙක් කෙළවරෙන් උණු වතුර ලබා ගැනීමට හැකි වීම.

මේ සඳහා මට වැය වුණේ රුපියල් 800ක පමණ මුදලක්.ඉදිරියේදී ඉල්ලුම තිබුනොත් මීට වඩා ඉහළ තාක්ෂණය යුත් ලිපක් නිර්මාණය කර දීමට පුළුවන්. දැනට විවිධ අත්හදා බැලීම් යටතේ ලිප් කිහිපයක් නිර්මාණය කර තිබෙනවා. ඊට අමතරව වගාවන් ආරක්ෂාකිරීමට උපකරණයක් නිර්මාණය කර තිබෙනවා. වර්තමානයේ වන වන සත්ව හානිය බහුලයි ඌරන් රිලවුන් වැනි සතුන්ගෙන්. මම ඒ සඳහා විද්‍යුත් ටකයක් නිර්මාණය කර තිබෙනවා. ඒ සදහා ප්‍රධාන වශයෙන් කුඩා මෝටර් දෙකක්, ඡංගම දුරකථනයක් සඳහා යොදා ගන්නා බැටරියක් හා සතකු වගා බිමට පැමිණි පසු සෙන්සර් එක මාර්ගයෙන් එය මෙම උපකරණයට ලැබිලා ශබ්දය නිකුත් කරනවා.

උදාහරණයක් වශයෙන් ගත්තොත් කුඹුරක මේ ටකය කණුවක ආධාරයෙන් සිටුවා තැබුවහොත් ඌරෙක් වැනි සතෙක් පැමිණි පසු මෙම සෙන්සර් එක මගින් ඒ බව දැනගෙන මෝටරය ක්‍රියාත්මක වී එමගින් ඇති උපකරණයේ ඇති ඇලුමිනියම් හෝ තහඩු කැබැල්ලට එහි ඇති මෝටරය භ්‍රමණය වීම මගින් කුඩා ෆෑන් පෙත්තේ ඇති කම්බි කැබැල්ල වැදීම තුළින් ශබ්දයක් නිකුත් කරනවා. හදිසියේ සතා එම ස්ථානයෙන් ඉවත් වුනොත් කෙටි කාලයකින් ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වෙනවා. නැවත සතෙකු හෝ මනුෂ්‍යයකු පැමිණියහොත් එය ක්‍රියාත්මක වෙනවා. මෙම ටකේ සිට මීටර් අටක් හෝ දහයක පමණ දුරක ඇති සංවේදී සංවේදීභාවය මෙම උපකරණයට දැනෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෙම උපකරණයට ඉහලින් විදුලි ආලෝකාධාර නිකුත් කරන බල්බයක් සවිකර තිබෙනවා. එයත් කුඩා මෝටරයක් ආධාරයෙන් භ්‍රමණය වෙමින් ආලෝක ධාරා නිකුත් කිරීමත් සමඟ සතුන් බිය වී පලා යනවා. මේ සඳහා මට වියදම් වුණේ රුපියල් තුන්දාහක් වගේ මුදලක්.

ඒවගේම නිවෙස් වල ආරක්ෂාව සදහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන උපකරණයක් මා විසින් නිර්මාණය කර තිබෙනවා. එය කොටස් දෙකකින් සමන්විත වන අතර එක් කොටසක් ගේට්ටුවක් වැනි අපට අවශ්‍ය තැනක හා අනිත්‍ උපකරණය නිවස තුළ තැබීමත් සමඟ ගේට්ටුව අසල ඇති උපකරණයේ සංවේදී උපකරණ (සෙන්සර් එක) මගින් නිවස තුල ඇති උපකරණයේ නලාව ශබ්ද වෙනවා. මේ සඳහා රුපියල් දාහක් වැනි මුදලකින් මෙම උපකරණය අංග සම්පූර්ණ කරගත හැකියි.

මම දැනට රිලවුන් පලවා හැරීම සඳහා අහස් කූරු එකවිට අටක් ඇතුළත් කර එකින් එක දැල්වී ඉවතට යන උපකරණයක් නිර්මාණය කර තිබෙනවා. එය ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය සදහා යොමුකර තියෙන්නේ. දැනට ඒ සඳහා මසක් පමණ කාලයක් ගත වෙලා තියෙන්නේ.

මේ දේවල් ඉගෙන ගත්තෙ අන්තර්ජාලය හා හා ලබා ගත් තාක්ෂණය මගින්. මම අධ්‍යාපනය ලැබුවේ දැරණියගල, බස්නාගල මහ විදුහලෙන්. මෙම කටයුතුවලදී දෙමව්පියන් මෙන්ම දැරණියගල විදාතා මධ්‍යස්ථානයෙනුත් මහත් සහයෝගයක් ලැබුණා. මට මෙවැනි කටයුතු කිරීමේ අවශ්‍යතාවය තවත් ඉදිරියට තිබෙනවා. ඒ සඳහා ආර්ථික වශයෙන් ගැටලු තිබෙනවා. මේ සදහා රජයෙන් හෝ කවුරු හරි උදවු කළොත් මෙම නිර්මාණය වැඩිදියුණු කර අඩු මුදලකට ජනතාවට ලබා දෙන්න පුළුවන්."

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 March 2022 11:38