April 20, 2024

මිනිහා ගෙවල්ගානේ ගිහින් කක්කුස්සි හෝදනවා යැයි කියපු කතාවකට දිනක්ෂි පිළිතුරු දෙයි

සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා. හරිම ආදරණිය කපල් එකක්.

සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා. අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්. දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.

මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්. දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ.

දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලයගත කරන්නේ. ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා.

ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ. සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට.

කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ.  මෙතෙක් ආ ගමන් මග තුළ සාරංගට සහ දිනක්ෂිට විවිධාකාරයේ කටකතාවන් සමාජය තුළින් ගොඩ නැගුණා.

නමුත් ඒ සියලුම දේට ඉතාමත් හොඳින් මුහුණ දෙමින් ඔවුන් දෙදෙනා මේ වෙද්දි ජීවිතය තුළ සාර්ථක වෙලා.

ඉතින් පසුගිය දවසක දිනක්ෂි  එකතු කරපු ඡායාරූපයකට  එක්තරා පුද්ගලයෙක් මේ වගේ අදහසක් ඉදිරිපත් කළා,

” මිනිහා අරහෙ හාපික් උස්සගෙන ගෙවල් ගානේ ගිහින් කක්කුස්සි හෝදනවා ඔහෙට විනෝදේ නේද ? “

යනුවෙන් අදහසක්. ඉතින් මේක දැකපු දිනක්ෂි ඒකට ප්‍රති-පිළිතුරු වශයෙන්

“ඉතින් ඔයා යන්නකො උදව්වට එයාගෙ “

යනුවෙන්  පිළිතුරක් සඳහන් කරනවා. ඉතින් ඒ අවස්ථාවට බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කරලා තිබුණා. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2022 11:18