April 25, 2024

වාහනය නවතා කඩයට ගිය රියදුරුට අදහාගත නොහැකි දෙයක් වෙයි - වාහනය පස්සෙන් පන්නයි (VIDEO)

බදුල්ල, පස්සර, බිබිලේගම ප්‍රදේශයේ මාර්ගය අසල මෝටර් රථයක් නවතා රියැදුරු බැස ගිය පසු එම රථය පල්ලමට ඇදිලා යන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

පසුව වෙළඳසැලට ගොස් සිටියදී එය දුටු වහාම දිවවිත් මෝටර් රථය ඉදිරියෙන් තල්ලු කර නැවැත්වීමට උත්සාහ ගන්නවා.

මද දුරක් ඉදිරියට ඇදී යන මෝටර් රථය රියදුරුගේ සහ සෙසු පිරිසකගේ උදව්වෙන් නවතා ගැනීමට හැකි වී තිබෙනවා.

කෙසේවෙතත් මෝටර් රථයට කිසිදු හානියක් සිදු වී නොමැති අතර රියදුරුට සුළු තුවාල සිදුව තිබෙනවා.

Rate this item
(0 votes)