April 25, 2024

ඩෙංගු මාරයාට බිලි වූ පුංචි හපනා ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත්වෙලා

යාපනය මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු දරුවෙකු විභාගයෙන් සමත් වී ප්‍රතිඵල නිකුත්වුවද එම සිසු දරුවා ජීවතුන් අතර නොමැතිවීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වෙනවා.

යාපනය මීසාලෙයි වීරසිංහම් ප්‍රාථමික විද්‍යාලයේ 5 වසර ඉගෙනුම ලැබූ 10 හැවිරිදි වී.අජෙයි නැමති සිසු දරුවා මෙලෙස පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ලැබෙන විට මිය ගොස් ඇත්තේ ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන්.

වී අජෙයි සිසුදරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 155 ක් ලබාගෙන සමත්ව සිටි අතර යාපනය දිස්ත්‍රීක්කයේ මෙවර පහේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු වූයේ 148යි.

පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව පෙබරවාරි 13 වනදා අධික උණ තත්වයක් වැළඳී කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක සිතී සිසු දරුවාගේ දෙමාපියන් විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කලද එදින සවස එම දරුවා මිය ගොස් තිබුණා.

සිසු දරුවාගෙන් ලබාගත් ලේ සාම්පල වලින් පසුව අනාවරණය වී ඇත්තේ සිසු දරුවාට කොරෝනා නොව ඩෙංගු රෝගය වැළඳීමෙන් මෙලෙස මරණයට පත්ව ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 March 2022 17:08