March 29, 2024

"ජීවිත වල හඬ නගා නොකියපු පරිච්ඡේදත් තියෙනවා" - කටකතා පතුරන අය ගැන ශනුද්‍රිගෙන් සැර කතාවක්

කලා ලෝකය තුළ ජනප්‍රියතාවයට පත් වෙච්චි කොයි කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ.

ඉතින් මේ පවුලේ ආදරණීය සහෝදරියන් තුන්දෙනා ගැන කතා කරද්දී ඔවුන් පිළිබඳව ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.

මේ දියණිවරුන් තිදෙනාගේ ආදරණීය පියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා නිතැතින්ම ඔවුන්ටත් කලා ලෝකයේ දොරගුළු විවර වෙනවා.

මේ අපූරු සහෝදරියන් අතරින් ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ පවුලේ බඩපිස්සා.

රංගන ශිල්පිනියක් වශයෙනුත්, නර්තන ශිල්පිනියක් සහ නිවේදිකාවක් වශයෙනුත් විවිධ දක්ෂතාවයන් ඔස්සේ කලා ක්ෂේත්‍රයේ නමක් රඳවා ගන්න ඇය දක්ෂ වෙලා තියෙනවා.

මේ වෙද්දි ටෙලිනාට්‍ය ගණනාවකටම තමන්ගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර "දෙවැනි ඉනිම" ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.

නමුත් මේ ටෙලි නාට්‍ය මෙගා ටෙලි නාට්‍යයක් නිසා එකෙන් ඉවත් වෙන්න ශනුද්‍රි තීරණය කරනවා.

හිරු නාලිකාවේ මේ දිනවල වැඩි වශයෙන් බොහෝ දෙනෙක් නරඹන "දිවිතුරා" ටෙලි නාට්‍යයේ "ඊෂා" නැමැති චරිතය නිරූපණය කරන්නේ ඇය විසින්.

ශනුද්‍රි පසුගිය දවසක ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ හරි අමුතු සටහනක් පළ කරනවා.

මේ සටහන පළ කරලා තිබුණේ ඉංග්‍රීසි බසින් වන අතර එකේ සරල තේරුම තමයි මේ,

"ඔයාලා තව කෙනෙක්ගේ ජීවිතය අසාර්ථක තැන් ගැන කට කතා පතුරුවන්න කලින් මතක තියාගන්න ඒගොල්ලන්ගෙ ජීවිත වල හඬ නගා නොකියපු පරිච්ඡේදත් තියෙනවා කියලා."

Rate this item
(2 votes)
Last modified on Monday, 14 March 2022 11:02