April 24, 2024

ඇමතිකම් අත්හල විමල් අනුරපුරයේ ගිහින් කරපු දේ (PHOTOS)

පසුගිය 07 වනදාට යෙදී තිබුණු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශය මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සිදු කළ ආශිර්වාද පූජාව අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අබියස දී පවත්වා තිබෙනවා.

පළමුව රුවන්වැලි මහසෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා පුජාවට සහභාගී වී තිබෙනවා.

මෙම පුණ්‍යකර්මය කඩුවෙල කොරතොට රජ මහා විහාරස්ථ දායක සභාවේ සංවිධායකත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද පක්ෂයේ ප්‍රධාන ලේකම් පී. ඒ.එස්. විජේසිරි මහතා ඇතුළු සෙසු පක්ෂ නායකත්වය ද පක්ෂයේ සෙසු මහජන නියෝජිතයෝ ද සහභාගි වී තිබෙනවා.

Rate this item
(1 Vote)