March 29, 2024

සුනාමියෙන් අතුරුදන් වූ තංගල්ලේ දැරිය මැදිරිගිරියෙන් හමු වූ කතාව (PHOTOS)

තංගල්ලෙන් සුනාමියට හසු වූ පස් හැවිරිදි දියණිය වසර 18 කට පසුව දෙදරු මවකව සිටිය දී මැදිරිගිරිය ප්‍රදේශයේ පාළු නිවෙසකින් හමුවීමේ පුවතක් ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

මෙම අරුම පුදුම සිදුවීම් සියැසින් අත්විඳි මෙම කාන්තාවගේ දුක්බර කතා පුවත මුළු මහත් ලෝකයටම පුදුමය දනවන පුවතක් වනු නිසැකයි.

වයස, නිසි නාමය, උප්පැන්න සහතිකයක් ආදී කිසිවක් නොමැතිව සමාජයේ අසාධාරණකම් වලින් තවමත් බැට කන මෙම යුවතිය මේ වන විටත් ජීවත් වන්නේ අනේක දුක් කරදර මැද වීම විශේෂත්වයක්. 

වයස නිසි ලෙස නොදන්නා ඇය හඳුන්වනු ලබන්නේ කේ.ඒ.කමලා පෙරේරා යන නමින්.

ඇයගේ ලිපිනය අංක191, ජයගම්පුර මහ අඹගස්වැව, මැදිරිගිරියයි. 

පෙර පාසල් වියේ පසුවන සහ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් දෙදෙනකුගේ මවක වන ඇය කාගෙන් හෝ කුලී වැඩක් කරමින් සැමියා ද අහිමිව ජීවිතය ගැටගසා ගනු ලබන්නේ කුලී නිවෙසක වීමද විශේෂත්වයක්. 

තංගල්ල ප්‍රදේශයේ උපත ලැබූ ඇය පාසල් ගමන ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබිය දී එනම් 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා උදම් රළ ගොඩ ගලා ගිය දිනයේ ඇයගේ මව, පියා, සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය, ඇය ද සමගම සුනාමි උදම් රැලට හසුවී ඇති බව ඇය පැවසුවා. 

මුළු පවුලම දිය රකුසාගෙන් අතුරුදන් වෙද්දී කොහේ හෝ තිබුණු දෛවයේ සරදමකට ඇයගේ දිවි බේරා ගෙන ඇත්තේ කවුරුන්ද යන්න ඇය අදටත් නොදැන සිටීම තවත් පුදුම දනවන කරුණක්. 

තංගල්ල ප්‍රදේශයේ සුනාමි රැඳවුම් කඳවුරක සිටිය දී තංගල්ල ප්‍රදේශයේම විදුහල්පතිනියකගේ නිවෙසට රැගෙන ගොස් ඇය හදා වඩා ගත් බව ද පැවසුවා. 

එම නිවසේ සිටි පිරිස ඇයගේ නම කේ.ඒ. කමලා පෙරේරා ලෙස නම් කොට ඇති බව ඇය සඳහන් කළ අතර ඇයට වයස අවුරුදු දොළහක් පමණ වෙද්දී එම නිවෙසේ හිමිකාරිය පිළිකා රෝගයෙන් මෙලොව හැර ගිය බව ඇය සඳහන් කළා. 

නිවසේ මෙහෙකාර සේවයේ සිටි ඇය මියගිය විදුහල්පතිනියගේ නැගණියකගේ කොළඹ නිවෙසක මෙහෙකාර සේවයට රැගෙන ගිය බවත් නිවසේ ඇඳුම් පැළඳුම් සේදීම් දරුවන් බලා ගැනීම ආදී සියලු කටයුතු ඇයට පැවරී තිබූ බවත් ඇය සඳහන් කළා. 

වසර දෙකක් පමණ කාලයක් නිවෙසේ මෙහෙකාර සේවය කරමින් සිටිය දී නිවසේ ඉදිකිරීම් කටයුත්තකට පැමිණි තරුණයකු එම නිවසේ ගෘහස්ත දුරකතනය හරහා සම්බන්ධ වී 14 හැවිරිදි වියේ පසුවෙද්දීම ඇය එම නිවසින් හොර රහසේ රැගෙන ගිය බවත් ඇය කියයි. 

ඔහු දුටු පළමු දිනයේම මේ සිදුවීම වීම විශේෂත්වයක්.

වයස අවුරුදු දාහතරේදී ඇය එම නිවෙසෙන් රැගෙන යන්නේ හමුදාවෙන් පලා ආ සෙබළකු බව ද ඇය කියයි. 

මෙම සෙබළා ඇය කොළඹ සිට මැදිරිගිරිය ප්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් එහි කාලය ගත කරද්දි පළමු දරුවා එළිය දකිද්දි ඇයගේ හැඳුනුම්පත සකසා ඇත්තේ මෙම තරුණයාගේ උපන් දිනයට දිනක් ඉදිරියට දමා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් බව ඇය සඳහන් කළා. 

නිසි අවබෝධයක් අධ්‍යාපනයක් ලබා නැති ආදරයක් ලබා නැති මෙම දැරිය බාලවයස්කාර වියේම දෙදරු මවක වීමට ඔන්න මෙන්න සිටිය දී තමන් ජීවිතය පුරාවටම රැකබලා ගන්නා බවට පොරොන්දු වී රැගෙන ආ සැමියාගේ සුපුරුදු ක්‍රියාකාරකම් රැසක් ඇයට අතටම හසුවීම පුදුම දනවන කරුණකි. 

තම සැමියා බාලවයස්කාර කුඩා දියණියන් රවටා ගන්නා අයෙකු බව දැනගත් බවත් මේ වනවිටත් තමන් වැනිම කුඩා දියණියන් රැගෙන ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බව ද ඇය පැවසුවා.

මේ පිළිබඳව ඇය ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට පැමිණිලි කළ ද ඇයට පැමිණිල්ල විභාග වීම වෙනුවට සිදුව ඇත්තේ ඔවුන්ගෙන් ලැබෙන වෙනත් උත්තර ප්‍රතිචාර බව ඇය හැඬූ කඳුළින් අප සමග සඳහන් කළා. 

අදට ද ඉන්න හිටින්නට තැනක් අහිමිව කුලී නිවසක පදිංචි වී සිටින ඇය කිසිදු හව්හරණක් නැති තමාට ආරක්ෂිතව ඉන්න හිටින්නට දරුවන් දෙදෙනාට මෙවැනි ඉරණමක් අත් නොවන්නට උදව් උපකාර කරන ලෙස ඉල්ලා සිටිනවා. 

May be an image of 1 person, outdoors and tree

May be a closeup of 1 person and child

May be an image of 1 person, child, tree and outdoors

May be a closeup of 2 people and child

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 March 2022 12:46