April 25, 2024

FOMULA වර්ගයේ කාර් එකක් සෑදු අවුරුදු 18 කොල්ලා

මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු විසින් මෝටර්රථයක් නිර්මාණය කර තිබෙනවා.

මෙම නිර්මාණයේ හිමිකරු වන්නේ 13වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කවිඳු හිම්සර.

ඔහු තාක්ෂණ අංශයෙන් උසස් පෙළ හදාරනු ලබනවා.

යතුරු පැදියක එන්ජිමක් භාවිත කරමින් නිර්මාණය කර ඇති මෙම මෝටර් රථය ධාවනය වන්නේ පෙට්‍රල් භාවිතයෙන්.

කවිඳු පවසන්නේ මෙම මෝටර් රථය ජලයෙන් ධාවනය කිරීම සඳහා ද කටයුතු කරමින් පවතින බවයි.

FOMULA වර්ගයේ මෝටර් රථයක බාහිර පෙනුමට සාමාන ආකාරයෙන් නිර්මාණය කර ඇති මෙම මෝටර් රථය පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් ධාවනය කළ හැකියි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 January 2022 20:46