April 23, 2024

ගමක් හඬවමින් සෙනුරි ඉමල්ෂා අවසන් ගමන් යයි

සිය ඥාති සොයුරියකගේ කොටහළු මංගල්‍යයට මාතර වැලිගම මුදුකොටුව ප්‍රදේශයට ගොස්‌ පසු දින23 වනදා දහවල්‌ වැලිගම වෙරළ උද්‍යානය අසල මුහුදේ දිය නෑමට ගොස්‌ ජීවිතක්ෂයට පත්‌ බද්දේගම අම්පේගම ජයඋයන ප්‍රදේශයේ පදිංචි පී.සෙනුරි ඉමල්ෂාගේ දේහය ඇය පදිංචිව සිටි නිවෙසට ගෙන එනු ලැබුවා.

අම්පේගම ප්‍රදේශයේ කුලී නිවෙසක තම ආච්චි අම්මාගේ සෙවණේ සිටි ඉමල්ෂාත්‌ ඇගේ නැඟණියන්‌ දෙදෙනාත්‌ පාසල්‌ ගියේ අම්පේගම ශ්‍රී නන්දසාර මහා විද්‍යාලයටයි.

ඇගේ මව චන කේ.ජී.ශ්‍රීයාණි ඉන්දිකා මුණසිංහ විදේශගතව සිට මීට මාස කිහිපයකට පෙර පැමිණ අගනුවර ප්‍රදේශයේ ඇඟලුම්‌ කර්මාන්ත ශාලාවක රැකියාව කරනවා. ඔවුන්ට ස්ථිර නිවෙසක්‌ නැහැ. මව එවන මුදලින්‌ කොටසක්‌ කුලී නිවෙසට වැය කිරීමට වී තිබෙනවා. බොහෝ ආර්ථික දුෂ්කරතා මැද ආච්චි අම්මා වූ එච්.පී. කසුමාවතී මෙම දියණියන්‌ තිදෙනා රැකබලාගෙන පෝෂණය කළා.

මෙම වසරේ පැවැත්වීමට නියමිත උසස්‌ පෙළ විභාගයට කලා අංශයෙන්‌ පෙනී සිටිමට නියමිතව සිටි සෙනුරි ඉමල්ෂා පාසලේ ශිෂ්‍ය නායිකාවක්ද වූවා අතර ඇය නර්තනයටද සහජ දක්ෂතාවයක්‌ දැක්වු බවයි වාර්තා වන්නේ.

සෙනුරි ඉමල්ෂාගේ හදිසි වියෝවෙන්‌ කම්පාවට පත්‌ ඇගේ පාසල්‌ ආචාර්ය මණ්ඩලය, පාසල්‌ සිසුසිසුවියන්‌ හා අසල්වැසි මිතුරු මිතුරියෝ මෙන්ම ඥාතී හිතවතුන්‌ විශාල පිරිසක්‌ තම ආදරණීය හිතවතියට සමුදීම සඳහා එම නිවෙසට පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඉමල්ෂා ගමක්‌ හඬවමින්‌ පෙරේදා (25) මළහිරැ බැසයන යාමයේ බද්දේගම හල්පාතොට පොදු සුසාන භූමියේදී අවසන්‌ ගමන්‌ ගියා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 26 January 2022 20:35