April 23, 2024

මල්වර සාදය ඛේදවාචයකින් නිම වූ හැටි

වැලිගම වෙරළ උද්‍යානය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නෑමට ගිය දැරියන්‌ හතර දෙනකු දිය වැලකට හසුවීමෙන්‌ සිදු වූ ඛේදනීය පුවත සැලවීමෙන්‌ පසු අතිවිශාල පිරිසක්‌ වැලිගම වෙරළ තීරයට රැස්‌ වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

වැලිගම, මුදුගමුව, කබරල ගෙවත්ත නිවෙසක දියණියක වැඩිවියට පත්වීම නිමිත්තෙන්‌ ඉකුත්දා (22) එම නිවෙසේ උත්සවයක්‌ සංවිධානය කර තිබිණා.

ඒ සඳහා පවුලේ ඥාතීහුද එක්ව සිටියා. එම උත්සවයේ කටයුතු නිමාවීමෙන්‌ පසුව පසුගිය 23 වනදා දහවල්‌ දුදරුවන්ගේ ඉල්ලීමකට අනුව වැලිගම මුහුදු තීරයේ නෑම සඳහා වැඩිමහල්ලන්‌ කිහිපදෙනෙක්‌ ගොස්‌ තිබෙනවා.

19 දෙනෙක්‌ පමණ මෙම ගමනට එක්ව සිට ඇති අතර වැඩිවියට පත්‌ දැරියද ගමනට එක්වීමට ඉල්ලූ නිසා එම දැරියත්‌ එම ගමනට එකතු කරගෙන තිබුණා.

දරුවන් වෙරළ තීරයේ සෙල්ලම කරමින්‌ සිටි අතරතුරදී වැඩිහිටියන්‌ දෙදෙනකු සහ දැරියන්‌ හතර දෙදෙනෙකු මුහුදේ නාමින්‌ සිට ඇතැයි සඳහන් වෙනවා.

එකවරම පැමිණි දිය වැලක්‌ නිසා දැරියන්‌ හතරදෙනකු ගසාගෙන යන අයුරු දුටු වැඩිහිටියකු කෑ ගසා ඇති අතර ඒ අනුව වෙරළ තීරයේ සිටි ධීවරයන්‌ පිරසක්‌ මෙම දැරියන්‌ බේරා ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහෙත්‌ දැරියන්‌ දෙදෙනකු මිදී දිය වැලකට හසු වී ඈතට ගසාගෙන ගොස්‌ තිබු බව පවුලේ ඥාතීහු පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන්‌ නුවන්‌ තාරක මහතා මෙසේ අදහස් පළ කළා,

"ඊයේ රෑ පාටිය තිබුණා. පොඩි දරැවන්ට නාන්න ඕන කියලා කරදර කළා. අපේ දරැවෝ තුන්දෙනයි, අයියාගේ දරැවෝ තුන්දෙනා සමඟ පොඩි දරැවෝ විස්සක්‌ විතර හිටියා. මල්ලිලා දෙන්නත්‌ ආවා. නංගීත්‌ ආවා. බේරගෙන රෝහල්ගත කළේ අයියාගේ දුවක්‌. එක්කෙනෙක්‌ බද්දේගම. අනිත්‌ එක්කෙනා මුදුගමුවේ. මේ වගේ කනගාටුදායක දේවල්‌ නැවත නොවෙන්න හැමෝගෙම අවධානය යොමු විය යුතුයි. වැලිගමට පීවිත ආරක්ෂක කණ්ඩායමක්‌ වගේම අදාළ ස්ථානවල ජීවිත ආරක්ෂක පුවරැ සවි කිරිමට කටයුතු කළොත්‌ ඉදිරියේදීවත්‌ මෙවැනි විපත්‌ වළක්වා ගන්න පුළුවන්‌ වේවි. මම වැලිගම පදිංචි වී ධීවර රැකියාව කරන්න පටන්‌ අරන්‌ දැනට අවුරැදු දොළහක්‌, දහතුනක්‌ විතර වෙනවා. අපි කණ්ඩායමක්‌ මාළු දැල්‌ සකස්‌ කරමින්‌ සිටියේ. ඒ අවස්ථාවේ මල්ලි කෙනෙක්‌ කෑගහලා කිව්වා ළමයෙක්‌ ගහගෙන යනවා කියලා. ගැහැනු ළමයි හතර දෙනෙක්‌ ගිලිලා තියෙන්නේ. ඉතින්‌ මමයි අනිත්‌ අය වන අබේසේකර, ජයන්ත කුමාර, සර්වජිත්, එස්‌. සුපුන්‌ එකතු වෙලා මේ දරැවො හතර දෙනා බේරගන්න කටයුතු කරන්න දැඩි පරිශ්‍රමයක්‌ දැරුවා. ඒ වෙලාවේ දෙන්නෙක්‌ විතරයි බේරගන්න පුළුවන්‌ වුණේ. ඒ තරමට රළ පහර දරැණු වෙලා තිබුණා. ගෙවී ගිය කාල පරිච්ඡේදය තුළ මෙම ස්ථානයේදී විතරක්‌ අපි ජීවිත ගණනාවක්‌ බේරගෙන තියෙනවා. මෙම ස්ථානය පිළිබඳව හැමෝම කල්පනාකාරීව කටයුතු කරන්න අවශ්‍යයි."

Rate this item
(0 votes)