April 20, 2024

කෘෂි රසායනිකවලට පිළියම් සෙවූ තරුණයෝ (PHOTOS)

අඬහැර පා ගෙන දෑකැති අරගෙන ගොයම් කපන රග බලන්       අනේ

හේනේ ගාලේ ගොවි රාළලා එක්වී ගොයම් කැපුවේ  ඒ එදා       රගේ

පොහොර ඇටය නෑ කුණු කඳු ගෙනවිත් කුඹුරට දාලා මේන්       රගේ

ලෝකෙට කන්නට බතල වවනවා කොල්ලන් පිරිසක් බැහැලා  වෙලේ

රසායනික පොහොර නැතිව කුඹුරු වගාව අසාර්ථක වීමත් සමඟ නාවුල හෙනේගාල ප්‍රදේශයේ කුඹුරු වගා කළ ගොවිබිම්වල   බතල වගා කොට එහි  අස්වනු නෙළීම මේ දිනවල ආරම්භ කොට තිබෙනවා.

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන්ගඟ යාබදව පිහිටි අඹන   හේනගලයාය ප්‍රදේශ්යේ තරුණ පිරිස් මේවන වන විට රටට බත වෙනුවට රටට බතල සැපයීමේ වැඩසටහන්ක් ආරම්භ කොට ඇතිබව ගම්මු කියති .

 විවිධ රැකියාවල නිරතව සිටි අඹන  ප්‍රදේශ්යේ තරුණ  කණ්ඩායම් ඒකරාශී වී අත්තම් ක්‍රමයට සහ කුලී  ක්‍රමයට එකිනෙකාගේ කුඹුරු ඉඩම් වල කොටසක්  වෙන් කොට මීට මාස කිහිපයකට ඉහතදී වගා කොට තිබේ

ඒ අනුව මාස තුනකට පසුව එහි අස්වැන්න නෙළීම මේ   දිනවල සිදු කරන බව තරුණ බතල ගොවීහු පවසනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බතල කිලෝවක් සඳහා රුපියල් 100ක් 110ත් අතර ඉහළ මිලක් ලැබෙන බවද එම තරුණ ගොවීන් පවසනවා.

කුඹුරු වගා කළ බිම් වල පොහොර නොමැතිව වගාවන් අසාර්ථක වනවා දුටු මෙම ප්‍රදේශයේ තරුණයන් ආහාර හිඟයට පිළියමක් ලෙස මෙම බතල වගාවට නතු වූ බවත් මේ  දිනවල එහි ඉතා සාර්ථක අස්වැන්නක් මෙන්ම සාර්ථක මිල තමන්ට ලැබීම නිසා තම ප්‍රදේශයේ ජනතාවගේ අතමිට සරු වන බව ඔවුහු වැඩිදුරටත් පවසනවා.

මෙම බතල වගාවට එතරම් වියදමක් සහ පොහොර කෘමිනාශක අවශ්‍ය නොවන නිසා කුඹුරු වගා කිරීම සඳහා පොහොර නොමැති වීම නිසා අති විශාල වියදමක් දැරීමට සිදුවීම ආදී කරුණු හේතු කොටගෙන වී වගාවෙන් ඈත්ව තමන් මෙසේ පොහොර හිගය නිසාම බතල වගාවට යොමු වූයේ තමන් සතුව තිබූ පොහොර ප්‍රමාණයන් යොදා ගනිමින් බව ඔවුහු පවසනවා.

තරුණ ගොවීන් පිරිසක් කියා සිටියේ නිකරුනේ ගැවසීමකින් තොරව කිසියම් වැඩක නියැළීමෙන් රටට සේවාවක් සිදුවන බවයි. තම ගම්මානයේ  මෙයාකාරයෙන් තරුණයන් 15, 20 පමණ දෙනා කණ්ඩායම් වලට සැකසී විවිධ ගොවිතැන්බත් කිරීම සාමාන්‍යයෙන් කලක සිට සිදු කරගෙන එන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Monday, 24 January 2022 17:21