April 25, 2024

"රැජිනක් යනු කිරුළක් උදුරා ගන්නා ගැහැණියක් නොවේ" - හඬපට හුටපට මැද පුෂ්පිකා යළි කරළියට

අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ අමෙරිකානු විවාහක රූ රැජින දිනාගැනීමට සමත්වූවාය.

Shaylyn Ford නම් ඇය 37 වන වියේ පසුවන්නීය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා එක්වූ අතර ඇය එහි සිව්වන ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය.

මෙම තරගාවලිය සඳහා රටවල් 58ක් නියෝජනය කරමින් තරගකාරියන් එක්විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා තැබූ සටහනක් පහතින්,

පුෂ්පිකා යළිත් කරළියට - රෝසිගේ සහ පුෂ්පිකාගේ සැගවුණු හඬපට එළියට

"මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිනියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, "හතරවෙනි ස්ථානය" ලබාගන්නට සමත් වුණෙමි. තරගය ජයග්‍රහණය කළ පළමු, දෙවන, සහ තෙවන ස්ථාන ලබාගත් විවාහක රූ රැජිනියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට  හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි."

"එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි  ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන්  මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුළු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි."

මේ අතරවාරයේ පුෂ්පිකා ද සිල්වාගේ එම සටහනට ඇය සමඟ අමරිකාවේ ලස්වේගස් වෙත ගිය, හිටපු ලෝක විවාහක රූ රැජිණක සහ කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක උපදෙස් ලබාදෙන හඬපටයක්, සමාජ මාධ්‍යයට මුදා හැරෙනවා.

එහිදී , පුෂ්පිකා ද සිල්වා සිය මුහුණු පොතේ තැබූ සටහන පෙළ ගැස්විය යුතු ආකාරය සම්බන්ධයෙන් කොළඹ පුරපතිනිය උපදෙස් ලබා දෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

කෙසේ නමුත් ඒ සියලූ කතාබහ පසෙකලා ඒ කිසිවකින් නොසැලුණු ඇය ඉතාමත් ශක්තිමත් කාන්තාවක් ලෙස නැවත වරක් තම මුහුණු පොතෙහි අපූරු සටහනක් තබා තිබුණා.

ඒ මෙන්න මේ විදිහට ..

“..අපි, අපගේ සිනහව, අනික් අයගේ සතුට වෙනුවෙන් පාවිච්චි කල යුතු ය. අනෙකාගේ මුවෙහි ඇති සිනහව මකන්නට කටයුතු නොකල යුතුය..”

මම පසුගිය දිනවල ඇමරිකාවේ ලාස්වේගාස්හි පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට සහභාගී වීමි. ඒ තරඟය පුරාවට ශ්‍රී ලංකාවාසී, ලෝකවාසී, මෙය කියවන ඔබ කිසිවෙක් නො දන්නා, ඔබට සිතාගන්නටවත් නොහැකි තරම් බොහෝ හැල හැප්පීම්, සිත් රිදුම්, ගැටලු, පීඩාවන් රැසකට මුහුණ දෙමින් අවසාන හය දෙනා අතරට තේරී පත්වන්නට සුදුසුකම් ලැබුවෙමි.

අදටත් පුෂ්පිකා ද සිල්වා යනු, අතීතයේ සිටි යකඩ ගැහැණියම බව මම කියමි. යකඩයක් යනු තැලෙන දෙයක් මිස, කැඩෙන බිඳෙන දෙයක් නොවේ. නොයෙක් ආකාරයේ බාධා ඇතිකරමින් කිසිවෙක් මාගේ ඉදිරි ගමන වළක්වන්නට උත්සාහ කරනවා නම්, මෙය මට තවත් එක් තරගයක් පමණක් බව මම ඔවුන්ට කියන්නට කැමතියි. මෙවන් තරඟ මත මගේ මුළු ජීවිතයම මුලු අනාගතයම රඳා පවතින්නේ නැත. මා මෙලොවට පැමිණ ඇත්තේ මීටත් වඩා බොහෝ දුර ගමනක් ‍යන්නට බව මම දනිමි. ඒ නිසා මෙය, මගේ ජීවිතයේ අත්දැකීම් ගොඩක් ලබා දුන් එක් පරිච්ඡේදයක් පමණි. ඒ සඳහා නොයෙක් අයුරින් සහභාගී වූ දායක වූ සියලු දෙනාට බොහොම ස්තුතියි.

අවසාන වශයෙන් මම…. 2021 අප්‍රේල් මස 6 වැනිදා කියූ දෙයම, අද නැවතත් නැවතත් සිහිපත් කරමි.

“… සැබෑ රැජිනක් යනු, අනෙක් ගැහැනියගේ කිරුල උදුරාගන්නා ගැහැනියක් නොව, අනෙක් ගැහැනියගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියකි.!”

-පුෂ්පිකා ද සිල්වා-

කැරොලයින් - පුෂ්පිකා ගැටුම ගැන අධිකරණයෙන් නියෝගයක්

Rate this item
(6 votes)