March 29, 2024

සාරංග, දිනක්ෂි චූටි දෝණි අරගෙන ගිය පළමු ගමනට ශේෂාද්‍රිගෙන් සැර කතාවක් - දිනක්ෂි වරද පිලි ගනී

සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා. හරිම ආදරණිය කපල් එකක්. සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා. අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා. සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්. දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ. මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ. දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලයගත කරන්නේ. ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා. ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ. සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට. කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ. 

ආදරණීය සිඟිති දියණිය ටිකක් ලොකුයි. තාම ඇගේ පැහැදිලි ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කළේ නැතත් බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඇයව දැක බලා ගැනීමට ආසාවෙන් ඉන්නවා. මීට කලින් පවුලෙ විශේෂ අවස්ථාවන් වල දී දරුවත් එක්ක සහභාගි වුණාට පොදු ස්ථානවලට දරුවාව අරන් යන්න සාරංග වත් දිනක්ෂි වත් තීරණය කළේ නැහැ.

නමුත් ඔන්න හා හා පුරා කියලා ආදරණීය පුංචි දියණියත් එක්ක මේ දෙන්නා අපූරු ගමනක් යනවා. ඇය ඡායාරූපයක් සමගින් තමන්ගේ instagram ගිණුමට මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. එහිදී ඇය සඳහන් කරලා තිබුණේ,

චූටි පැටියාගේ පළවෙනි බර්ත්ඩේ පාටි එක කියලා. ඉතින් මේක දැකපු  දිනක්ෂිගෙ ආදරණීය සොහොයුරිය එහෙම නැත්නම් ප්‍රියසාද් පවුලේ දෙවනියා වෙච්ච ශේෂාද්‍රි ප්‍රියසාද් මේ ඡායාරූපයට අදහසක් එකතු කරනවා. හැබැයි ඉතින් මේ අදහස එකතු කරන්නේ ටිකක් හිත කලකිරීමෙන් වගේ. ඇය ඒ අදහස ඉංග්‍රීසි බසින්  ඉදිරිපත් කරපු අතර එහි සරල තේරුම,

බොරු කියන්න එපා. ඇය  පලවෙනි වතාවට මගේ බර්ත්ඩේ පාටි එකටයි ආවේ. 

ඒ විදිහට තමයි ශේෂාද්‍රී දිනක්ෂි  එකතු කරපු කැප්ෂන් එකට පිළිතුරු දීලා තිබුනෙ. ඊට පස්සෙ ඒ අවස්ථාවේදී දිනක්ෂි ආ ඕකේ කියලා ඒක පිළි අරගෙන තිබුණා. ඉතින් හා හා පුරා කියලා චූටි දෝණි එක්ක ගියපු පින්තූරයක් ඇය තමන්ගේ සමාජ මාධ්‍ය වෙත නිකුත් කරා. ඒ අවස්ථාවේදී  බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබුනේ මේක පලවෙනි ගමන කියලා කියන්නේ ඇයි ඊට කලින් ඔයාලා ෆොටෝස් දාලා තිබුනනේ  ආදී අදහස්. ඒ වගේම ඔවුන්ටත් සුබපැතුම් එකතු කරපු පිරිසක් හිටියා.

Rate this item
(61 votes)
Last modified on Sunday, 23 January 2022 17:59