April 24, 2024

දිනක්ෂිගේ සහ සාරංගගේ පුංචි දෝණි සියා එක්ක හුරතල් වෙන හැටි (VIDEO)

සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා. හරිම ආදරණිය කපල් එකක්. සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා. අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා. සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්. දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ. මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ. දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලයගත කරන්නේ. ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා. ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ. සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට. කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ. 

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ මේ දෙන්නව අපිට දැක බලාගන්න පුළුවන්. පසුගිය දවසක සාරංග සහ දිනක්ෂි, ඔවුන් දෙන්නාගේ යූටියුබ් නාලිකාවට අපූරූ වීඩියෝවක් එක් කර තිබුණා. එහි දිනක්ෂිගේ පියා වන ප්‍රවීණ අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් විසින් සිය මිණිබිරිය නළවන අයුරු දැක ගත හැකියි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 09:52