April 25, 2024

“අනුන්ගේ රෙද්දේ ඇද කුද හොයන මිනිස්සු" - සාරංග මුහුණු පොතේ දැමූ සැර කතාව මෙන්න

December 03, 2021

සාරංග දිසාසේකර කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු හිරු ස්ටාර් රියලටි වේදිකාවේ නිවේකයා විදිහටත් කටයුතු කරනවා.

ඉතින් මේ දවස්වල නම් දිනක්ෂි, සාරංග කිව්වොත් හැමෝම හොයලා බලන දෙන්නෙක් වෙලා. ඒ එයාලාගේ පවුලට එකතු වුනු අලුත් සිගිත්තිය නිසා.

ඉතින් හැමෝම ආදරය කරන සාරංග මුහුණු පොතට හරි අපුරු පෝස්ට් එකක් එකතු කරලා තිබුණා. 

මුතු ඇටයක ඉපදීලා
සාගරයෙන් වටවීලා
ඒරොප්පෙන් , සැමන් ගේන
පුදුම මිනිස්සු..
පුදුමයි වාගේ පෙනුනට, අමුතු මිනිස්සු..
ඔසරිය මැද පෙනෙන බඩම
ඩෙනිම මැදින් පෙන්නනකොට
සදාචාරෙ ඔලුවට ගෙන
බනින මිනිස්සු..
වෙලාවකට පුදුමයි, අපි අමුතු මිනිස්සු 
තමන්ගෙ රෙදි ගැලවෙද්දිත්
හෙළුව අතින් වහගෙන හරි
අනුන්ගේ රෙද්දේ ඇද කුද
හොයන මිනිස්සු..
වෙලාවකට හිනා යනවා, මෙහෙම මිනිස්සු 
ටයි පොල්ලෙන් බෙන්ස් එකෙන්,
ටැටූ එකෙන් කලර් එකෙන්
මිනිස්සුන්ට සහතික දෙන
අමුතු මිනිස්සු..
නිධානයක නිදන් ඉන්න , අරුම මිනිස්සු 
රයිස් කොත්තු උඩ නැගගෙන
කෝක්‌ බෝතලෙන් සැනහෙන
බෙහෙත් පෙත්තෙ,Side effect
හොයන මිනිස්සු..
දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු
හොඳම කඩෙන් රෙදි ඇඳගෙන
හොඳම quality බඩු අරගෙන
හොඳම හොරුන් දියවන්නා
යවපු මිනිස්සු..
ඊට පස්සේ රට ඉවරයි , කියන මිනිස්සු 
අනේ මන්දා අපි නම් මහ පුදුම මිනිස්සු..
මුතු ඇටයේ ඉපදුන , අපි අමුතු මිනිස්සු 

Rate this item
(1 Vote)
Last modified on Friday, 03 December 2021 09:23