April 25, 2024

මෙවර උපන්දිනය ජයටම සැමරූ ශේෂාද්‍රි (PHOTOS)

December 03, 2021

කලා ලොවේ නමක් දිනාගත් ආදරණිය කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ. දිනේෂ් ප්‍රියසාද් මහත්මයා කියන්නේ හොද කලා නිර්මාණ රැසක් එළිදක්වපු දක්ෂ කලාකරුවෙක්. ඔහුගේ ආදරණිය දියණියන් තිදෙනා කලා ලොවේ ලොකු ගමනක් ඇවිත් තිබෙනවා. දෙවැනි දියණිය ශේෂාද්‍රි කියන්නේ හරිම ආදරණිය චරිතයක් වගේම නිහතමානී කෙනෙක්. ඇය නිරන්තරයෙන්ම නිර්මාණ තුලින් දැකගන්න ලැබුනේ නැතත් ගුණාත්මක නිර්මාණ කිහිපයකින්ම ඇයගේ රංගනය දකගන්න පුළුවන්.

අද ශේෂාද්‍රි ගේ උපන්දිනය යෙදී තිබෙනවා. අපි ඇයට මුළු හදවතින්ම සුබ උපන්දිනක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. අනාගතයේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. මේ වෙද්දී ඇය පෙර පාසල් ගුරුවරියක් ලෙසින් කටයුතු කරනවා.ඒ වගේම විවාහ දිවියට පිවිසුණු ඇය ඉතාමත් සුන්දර ජිවිතයක් මේ වෙද්දී ගත කරනවා.උපන්දිනය වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂුට් එකක් ඇය විසින් සිදුකර තිබුනා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 02 December 2021 19:56