March 29, 2024

මේනක සහ නෙහාරගේ පුංචි සුරංගනාවිය මෙයිලි පළමු උපන්දිනය සැමරූ හැටි

December 02, 2021

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්. ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා. ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනොදබර ජිවිතයක් ගත කරනවා. මේනක වගේම නෙහාරත් කලාවට සම්බන්ධ බව හැමෝම දන්නවා. ඒ වගේම නෙහාරා නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි. ඉතින් මේ කැදැල්ලට ගිය අවුරුද්දේ පුංචි සුරංගනාවියක් එකතු වුනා.

ඇය තමයි මෙයිලි නිචෝලා රාජපක්ෂ. මෙනකගේ සහ නෙහාරාගේ දූ සිගිත්තිය. හරිම හුරුබුහුටි ලස්සන දියණියක් තමයි ඇය. හැමෝම වගේ කියන්නේ දෝනි නෙහාරා වගේ කියලා. ඉතින් අදට මේ පුංචි සුරන්ගනාවියට හරියටම අවුරුද්දක් වෙනවා. පළමු උපන්දිනය එයාගේ අද තමයි. ඉතින් අපිත් මුළු හදවතින්ම පුංචි මෙයිලිට සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කර සිටිනවා.

දෝනිගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන සැමරුමක් ඔවුන් සුදානම් කර තිබුනා. ඒ වගේම නෙහාරා සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්, අපේ ඩොලී කෙල්ලට අදට අවුරුද්දක් වෙනවා. දෙයියනේ මම දන්නේ නෑ කොහෙන් පටන් ගන්නද කියලා අම්ම කෙනෙක් වෙලා හරියටම වසරක් ගත වී ඇත. ඔබ පළමු වරට අඩන මොහොතේ මගේ හදවතේ සහ මනසේ ඇතිවූ සැබෑ හැගීම වචන වලින් විස්තර කිරීම දුෂ්කරය. සතුටුයි වගේම ඔයාත් මාව ඇඩෙවුවේ මම මගේ ජිවිතේට ගෙනාපු සතුට. නිකම්ම අඩුනා. මගේ කෙල්ල, මගේ පැටියා. මගේ හුරතලේ, සුබ උපන්දිනයක් මගේ ආදරය ඔබට ආදරණිය උපන්දිනයක් සහ සුබ වසරක් වේවා.

මමා සහ ඩඩා ඔබට බොහෝ සේ ආදරය කරන අතර අපට හැකි හොදම ආකාරයෙන් ඔබව බලාගැනීමට පොරොන්දුවේ.යනුවෙන් තමයි නෙහාරා පුංචි මෙයිලි වෙනුවෙන් සටහනක් එක්කරලා තිබුනේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 December 2021 19:00