April 25, 2024

තොල් සහ ඇඟිලි කපාගත් 'Black Alien' උන්මාදය    

November 25, 2021

පිටසක්වල ජීවියෙකු වීමේ දැඩි උමතුවෙන් පෙළුණු ප්‍රංශ ජාතිකයෙක් ඔහුගේ නාසය කපා දමා තිබෙනවා. එපමණක් නොව, පුද්ගලයාගේ අතේ ඇඟිලි කිහිපයක් සහ උඩු තොල් ද කපා තිබෙනවා.

කළු පිටසක්වල ජීවියෙක් වීමේ ආශාවෙන් උමතුවේ සීමා ඉක්මවා ගිය මේ මිනිසාගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි ලෙස ප්‍රචලිත වෙමින් පවතිනවා. සමහර ඡායාරූප දුටවන් බියට පත්කරන ඒවායි.

"නිව්යෝර්ක් පෝස්ට්" පුවත්පතේ වාර්තාවට අනුව ඇන්තනි ලොෆ්‍රෙඩෝ ස්පාඤ්ඤයට ගොස් තම සිරුර සමඟ සෙල්ලම් කළේ එවැනි ක්‍රියා එහිදී අපරාධයක් ලෙස නොසැලකෙන නිසාය.

ඇන්තනි මෑතකදී ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් හි පින්තූර කිහිපයක් බෙදාගෙන ඇති අතර, එහි ඔහු ඇඟිලි කපා ගන්නා ආකාරය දැකගත හැකි වුණා.

ඔහු දැනටමත් ඔහුගේ නාසය සහ ඉහළ තොල් කපාගෙන තිබෙනවා.

ඔහුගේ ඇස් ඇතුලෙත් පච්ච ගසා තිබෙනවා. මේ හැර ඔහුගේ මුළු සිරුරම පච්ච කොටා තිබෙනවා .

Anthony Lofredo තමන් පිටසක්වල ජීවියෙකු ලෙස පෙනී සිටීම සඳහා බොහෝ සැත්කම් කර ඇති අතර, ඔහු පවසන්නේ සම්පූර්ණ 'Black Alien' කෙනෙකු වීමට නම් තවත් සියයට 35ක වෙනසක් අවශ්‍ය බවයි.

ඉන්ස්ටග්‍රෑම් හි ඔහුගේ ඡායාරූපය බෙදා ගනිමින් ඇන්තනි ලියා ඇත්තේ ව්‍යාපෘතිය තවමත් අවසන් නැති බවයි.

'Black Alien' වීමේ මගේ සිහිනයේ තවත් ක්‍රියාවලියක් මේ වන විට අවසන් වී තිබෙනවා.

මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය තුළ කළු පිටසක්වලයා ලෙස හැඳින්වෙනවා. මෙම අමුතු ක්‍රියාවට මිනිසුන් ඇන්තනීට විකේන්ද්‍රික යැයි පැවසිය හැකි නමුත් ඔහුට ඔහුගේ මවගේ සම්පූර්ණ සහයෝගය ලැබෙන බවයි සඳහන් වන්නේ.

ඔහු මව්වරුන්ගේ දිනය වෙනුවෙන් තම මව සමඟ පින්තූරයක් ද පළ කළකර තිබුණා.

ඉන්ස්ටග්‍රෑම් සජීවී සැසියකදී ඇන්තනි පවසා ඇත්තේ තමාගේ සම්පූර්ණ සම ඉවත් කිරීමට අවශ්‍ය බවත් ඒ වෙනුවට ලෝහ ලබා ගැනීමට අවශ්‍ය බවත්ය.

Rate this item
(0 votes)