April 19, 2024

ගෑස් ටැංකිය පිපිරුණු හැටි ගැන ඇසින් දුටුවන් කියන කතාව

November 25, 2021

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

කොට්ටාව පොලීසිය පැවසුවේ, අද (25) අලුයම සිදුවූ එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බවයි.

පිපිරීම හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබුණා.

කෙසේවෙතත් නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට ඉන් අනතුරක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳ නිවසේ පදිංචි කාන්තාවක් මෙලෙස පැහැදිලි කළා.

"පාන්දර 4ට විතර ලොකු ශබ්දයක් ආවා. එක පාරම ගිහින් බලන්න බැරි නිසා පොඩ්ඩක් ඉඳලා තමයි දොර ඇරියේ. බලනකොට ගෑස් එක පුපුරලා ඒකෙන් සද්දයකුත් එනවා. වහලයේ ඔක්කෝම ටික බිම තිබුණේ. සිවිලිම එහෙම ඔක්කෝම කැඩිලා තිබුණා. ගෑස් මොකක් හරි ප්‍රශ්නයක් තමා. හොඳ වෙලාවට ඒ වෙලාවේ කවුරුත් ඇහැරලා හිටියේ නෑ."

Rate this item
(1 Vote)