April 24, 2024

ෂාරුක්ගේ පුතා ආර්යයන් දින 25කට පසු හිරගෙදරින් මහගෙදරට

ශාරුක් ඛාන් ගේ පුත් ආර්යයන් ඛාන් හට ඊයේ (28) මුම්බායි අධිකරණය විසින් ඇප ලබා දුන්නා.

ඒ මත්ද්‍රව්‍ය චෝදනා මත ඔහුව අත් අඩංගුවට ගෙන දින 25කට පසු.

සුඛෝපභෝගී නෞකාව

ඉකුත් ඔක්තෝම්බර් 3 වැනි දින ආර්යයන් ඛාන් ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගත්තේ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලක අංශයේ නිලධාරීන් විසින්.

ඒ මුම්බායි සිට ගෝවා බලා ගමන් ගත් "කෝඩෙලියා" නම් සුඛෝපබෝගී නෞකාවක් තුළදී.

23 හැවිරිදි ආර්යන් ඛාන් එම ගමනට එක් වූයේ එම නෞකාවේ හිමිකරු ඔහුට කළ ආරාධනාවකට අනුව.

වෙස්වලා ගත් නිලධාරීන්

එම නෞකා ගමන අතරතුර නෞකාව තුලම වෙස් වලාගෙන සිටි මත්ද්‍රව්‍ය පාලක අංශයේ නිලධාරීන් ආර්යයන් ඛාන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තේ මත් ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා පානය කිරීමේ චෝදනා යටතේ.

දිගින් දිගටම ආර්යයන් ඛාන්ගේ ඇප ඉල්ලීම මුම්බායි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේ ඔහු අත් අඩංගුවට ගත් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඔහුට ඇප දීමට දැක් වූ විරෝධය මත.

ආර්යයන් ඛාන්ව අත් අඩංගුවට ගෙන දින කිහිපයක ප්‍රශ්න කිරීම් වලින් පසු ඔහුව මත්ද්‍රව්‍ය නාශක අංශයේ සිට මධ්‍යම මුම්බායිහි ආතර් බන්ධනාගාරය වෙත යොමු කෙරුණා.

ඇප ලැබෙන තුරු ඔහු සිටියේ එම බන්ධනාගාරයේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 29 October 2021 11:37