April 20, 2024

අද ලග්න පලාපල : දේපල ගැටලු

ඉර උදාව : පෙරවරු - 6.04 ට

ඉර බැසීම : පස්වරු - 6.29 ට

රාහු කාලය : දිවා කාලයට හා රාත්‍රී කාලයට - 10.34 සිට 12.03 දක්වා

සුභ දිශාව : උතුර

මරු සිටින දිශාව : ගිණිකොන

මේෂ

වෙළෙඳ කටයුතු ආදියට ඉතාමත්ම සුබයි. ඉංජිනේරු හෝ කාර්මික අංශවල යෙදී සිටින්නන්ට ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන්නට ලැබෙන දිනයකි. ඔවුන්ට සමාජය තුළින් පැසසුම් හිමිවේ. ලෞකික දේ වලට අදාල වන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා හැකියාව ලැබේ. වෙනත් අය සමග කටයුතු කිරීමේදී කැපී පෙනෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩකඩ සැලසේ. පොදුජන සේවය වෙනුවෙන් මහන්සි වී වැඩ කටයුතු කරන දිනයක්. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කර ජයග්‍රහණයන් යොමු කරගත හැකි දවසක්.

ජය වර්ණය : රතු

ජය අංකය : 9

වෘෂභ

නීති අංශයේ රැකියා කටයුතු කරන්නන්ට ඉතා සුබයි. දේව ඇදහිලි මන්තර ශාස්ත්‍රය ආදියට වැඩි නැඹුරු වීමක් පෙනෙන්නට තිබේ. ලෙඩ රෝග තත්ත්වයන් සමනය වේ. සතුරු කරදර පරාජය කිරීමට හැකියාව ලැබේ. දරුවන්ගේ ගණිතමය ඥානය වැඩි දියුණු කර ගැනීමට හැකි දිනයක්.   පොත් පත් ප්‍රකාශ ක්ෂේත්රයේ නියුතු වූවන්ට වෙනදාට වඩා ලාභ ප්‍රයෝජන ලැබේ. ප්‍රචාරක කටයුතු ඉතාමත්ම සාර්ථකයි.

ජය වර්ණය : නිල්

ජය අංකය : 5

මිථුන

සතුරන්ගෙන් කරදර එල්ලවිය හැක. කර්මාන්ත කටයුතු සාර්ථක වේ. වැඩිමහල් සහෝදරයන් ගේ උදව් උපකාර ලැබේ. රැකියාව තුළ උසස් ලැබීමේ වාසනාව ඇත. ජලය සම්බන්ධ කටයුතු ආදියේ දී තරමක් ප්‍රවේශම් සහගතව කටයුතු කිරීම වැදගත්. කලහ කිරීම ආදියට පැටලීමේ ස්වභාවයක් ඇත. විමසිලිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න. දෝෂාරෝපණ එල්ල විය හැකි වුවත් ඒවාට සාර්ථකව මුහුණ දීමේ ශක්තියක්ලැබේ.

ජය වර්ණය : කොළ

ජය අංකය : 5

කටක

ලෞකික සැප සම්පත් කෙරෙහි සිත යොමු වන දිනයකි. ගමන් බිමන් අධිකව යෙදෙන දිනයකි. අධ්‍යාපනය කෙරෙහි ගැටලු ඇති කරයි. ඔබ කරන කටයුතුවලින් ප්‍රසිද්ධියක් ලැබීමට ඉඩකඩ පවතී. නීතිමය ගැටලු පැන නැඟීමට හැකි නිසා විමසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ. මව් පාර්ශ්වයට අපල ඇති වීමට ඉඩකඩ ඇති දිනයකි. ඉඩකඩම් පිළිබඳ ගැටලු මතු කරන දිනයක්. දරුවන් පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයකි. විවාහය යෝජනා පිළිබඳව ගන්නා තීරණ දෙවරක් සිතා බැලීම වැදගත් වේ.

ජය වර්ණය : ක්‍රීම් පැහැය

ජය අංකය : 2

සිංහ

ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු දිනයකි. ස්වයං රැකියා වලින් ලාභ ලැබිය හැකි දිනයකි. උසස් අයගේ සහ වැඩිහිටි අයගේ උදව් උපකාර ලැබේ. විවාහ ජීවිතය ඉතාමත් යහපත්. දරුවන්ට සුබ දවසකි. කාර්මික සහ ගණිතය සම්බන්ධ විෂයන් තෝරා ගැනීම වැදගත් වේ. කලා කටයුතු සඳහා ඉතාමත් සුභ දිනයකි. පවුලේ අය වෙනුවෙන් මුදල් වැය වෙන දිනයක්. පිය පාර්ශ්වය සඳහා ඉතාමත් සුබ දිනයකි.

ජය වර්ණය : රතු

ජය අංකය :  5 

කන්‍යා

රැවටීම් වලට හසුවිය හැකි නිසා කල්පනාවෙන් යුතුව වැඩ කිරීම වැදගත් වේ. ඉඩකඩම් යාන වාහන පිළිබඳව ගැටලු ඇති වීමට ඉඩකඩ ඇත. මනසට පීඩා ඇතිවිය හැකි දිනයකි. සිත කලකිරීමට ලක් විය හැක. උසස්වීම් බලාපොරොත්තු වූ අයගේ සිහින සැබෑවෙන දිනයකි. විවාහයේ ගැටුම් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් සිහියෙන් යුතුව කටයුතු කිරීම් වැදගත් වේ. දරුවන් රෝග රෝගාබාධවලට ලක්වීමට ඉඩකඩ ඇත. සහෝදරියන්ට අසුබ දිනකයකි.

ජය වර්ණය : කොළ

ජය අංකය : 5

තුලා

යහපත් මිතුරු ඇසුර හිමිවේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. සමාජ සේවා කටයුතු සඳහා සහභාගී වීමට හැකි වේ. ධාර්මිකව ජීවිතය ගත කිරීමට ලැබෙන දිනයකි. ඉඩකඩම් යාන වාහන මිලදී ගැනීමට සුබ දවසක්. පිය පාර්ශවයට ඉතාමත් සුභ දිනයකි. අන් අයට උදව් කිරීම්ට සිත් යොමු වන දිනයකි. දූ දරුවන්ට ඉතාමත් සුභ දිනයකි.

ජය වර්ණය : නිල්

ජය අංකය : 6

වෘශ්චික

සමාජය තුළ පැසසුමට ලක් වෙන දිනයකි. නම්බුනාම ලැබීමට වාසනාව ඇත. ආරක්ෂක අංශවල සේවාවන් ට ඉල්ලුම් කිරීමට සුභ දිනයකි. ඥාතීන් පිළිබඳ ගැටලු ඇතිවීමට හැකි දිනයකි. මානසික පීඩනයට ලක් වීමට හැකි දිනයක් බැවින් සිතාමතා කටයුතු කිරීම වැදගත් වේ. තැන්පත් ධනය වැය වීමට ඉඩ ඉඩකඩ පවතී. ඉවසිලිවන්තව කටයුතු කිරීම වැදගත් වේ. හදිසි අනතුරු ඇතිවීමට හැකි බැවින් ආරක්ෂාකාරීව කටයුතු කිරීම වැදගත් වේ.

ජය වර්ණය : රතු

ජය අංකය : 9

ධනු

ඔබගේ කතා බහ නිසා සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇත. ප්‍රේම සම්බන්ධතා සඳහා සුදුසු දිනයකි. පරිගණක සහ කාර්මික    අධ්‍යාපනය ලැබීමට සිටින දරුවන්ට සුබයි. අඹුසැමියන් අතර ගැටළු ඇතිවීමට ඉඩ ඇත. ගිවිසුම් සඳහා අත්සන් තැබීම නුසුදුසු දිනයකි.

 ජය වර්ණය : රන්වන් පැහැය

 ජය අංකය : 3  

මකර

ව්‍යාපාර ආරම්භය සඳහා සුදුසු දිනයෙකි. පවුල් ජීවිතය තුළ ගන්නා තීන්දු තීරණ සිතා මතා ගත්යුතු වේ. යහපත් මිතුරු ඇසුර ලැබේ. රැකියාවේ ස්ථාන මාරු බලා බලාපොරොත්තු වූවන්ගේ බලා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේ. සතුරන් පරාජය කරන දිනයකි. විදේශ ගමන් බලාපොරොත්තු වූවන්ට ඒ සඳහා අයදුම් කිරීමට සුදුසු දෙනයකි. සහෝදර සහෝදරියන්ට ඉතාමත් සුභයි. වියදම් පාර්ශවය වැඩි වන දිනයකි.

 ජය වර්ණය : නිල්

 ජය අංකය : 8

කුම්භ

මිතුරන්ගේ උදව් උපකාර ලැබෙන දිනයකි. බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්නා දිනයකි. උසස් අධ්‍යාපනය ලබන්නන්ට ඉතාමත් සුදුසු දිනයකි. සමාජයේ පැසසුමට ලක්වෙන දිනයකි. හෘද රෝග පිළිබඳව අවදානමක් ඇති නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයකි. රසවත් ආහාරපාන ලැබීමට ඉඩකඩ පවතී.

 ජය වර්ණය : නිල්

 ජය අංකය : 6

මීන

දේපල ගැටලු ඇතිවේ. ඥාතීන් සමග ගැටළු සහගත අවස්ථා ඇති වීමට ඉඩකඩ ඇත. ප්‍රේම සම්බන්ධතා වලින් රැවටීම් වලට ලක් වීමට ඉඩ පවතී. අධ්‍යාපනය ලබන්නන්ට කරදරකාරී දිනයකි. සමාජසේවා කටයුතු සඳහා අන් අයගේ සහාය නොඅඩුව ලැබෙන දිනයකි. ඔබ කරන්නාවූ කර්මාන්ත සහ ව්‍යාපාරවලින් ලාභ ලැබේ.

ජය වර්ණය : රන්වන් පැහැය

ජය අංකය : 3

 

 

 

Rate this item
(0 votes)