April 19, 2024

"මගේ පුතා විතරයි මගේ ජීවිතේ අත්හරින්න බැරි කෙනෙකුට ඉන්නේ" - දිල්හානි කියන සංවේදී කතාව

දිල්හානී අශෝකමාලා ඒකනායක යනු ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් ආපු දක්ෂ රංගන ශිල්පිනියකි. ඇය වසර ගණනාවක් පුරාවට විවිධ වූ චරිතයන්ගෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි අතර ලාංකීය ජනයා අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වුනා. කොහොම නමුත් මේ සුන්දර කලා ශිල්පිනිය මෑතකදී පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවට එකතුවෙලා තිබුණා.

එහිදී ඇය සිනමාවේ ප්‍රවීණයෙක් හැටියට වර්තමානයේ සිනමාව තියෙන තැන ගැන ඇය කියලා තිබුනේ මෙහෙම කතාවකුයි. ඇත්තටම දුකයි. අද සිනමාව කඩාගෙන වැටිලා කියලා මට හිතෙනවා. සිනමාව විතරක් නෙවෙයි මේ වෙද්දී ලංකාවේ හැම ක්ෂේත්‍රයක්ම පාහේ කඩාගෙන වැටිලයි තියෙන්නේ. ඒක අද ඊයෙක කොරෝනා නිසා පමණක්ම සිදු වුණු දෙයක්නම් නෙවෙයි. මිනිස්සුන්ගේ හැසිරීම් රටාවත් එක්ක වෙන දෙයක් කියලයි මට හිතෙන්නේ. අද කාලේ කිසිම ක්ෂේත්‍රයක ඉන්න පුද්ගලයෙක් තෘප්තිමත් වෙන්නේ නෑ. මම නම් හිතන්නේ මේ වෙද්දී ලංකාවේ හැමදෙයක්ම වගේ අසාර්ථකයි

ගොඩාක් මිනිස්සු සතුටෙන් නෙවෙයි ඉන්නේ. හැමදාම එයාලට ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න එක්ක මිනිස්සු මානසික නිදහසක් හොයන්නේ රූපවාහිනියෙනුයි. මිනිස්සු පොඩි හරි ආශ්වාදයක් ලබාගන්නේ රූපවාහිනිය නැරඹීමෙන්. ගොඩක් මිනිස්සු අරගල කරන්නේ කන්න දෙයක් ඉල්ලලා, බඩු ගන්න පඩි වැඩි කරන්න කියලා එහෙම නැතුව සිනමාපටයක් ගන්න ටිකට් එකක් ඉල්ලලා නෙවෙයි. මිනිස්සු රූපවාහිනියට ඇබ්බැහි වීමත් සමගම සිනමා ක්ෂේත්‍රය මිනිස්සුන්ගෙන් ඈත් වෙලාම යාවි. ඒ කාලේ එක්ක බැලුවම වර්තමානය වන විට සිනමාව කියන දේ බොහෝ සෙයින් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා කියලා මම හිතනවා. ඒ ගැන කණගාටුවටක් තමයි තියෙන්නේ.

කොහොමහරි ඉතින් ඇය සිය ජීවිතයේ තමන්ට ලෙහෙසියෙන්ම අත් හරින්න පුළුවන් දේවල් ගැන කියන්නේ මෙහෙම කතාවක්. මට ලේසියෙන්ම අත් හරින්න පුළුවන් තමන්ගේ වාසිය විතරක් බලාගෙන අපිව ආශ්‍රය කරන ආත්මාර්ථකාමී මිනිස්සුන්වයි. එහෙම මිනිස්සු මගේ ජීවිතේට ළං කරගන්න මම කැමති නෑ. මම වැඩියෙන්ම ආදරය කරන මම ළගින්ම ආශ්‍රය කරන අයගෙන් මට අසාධාරණයක් වුනොත් මට ගොඩාක් දුකයි. අපි ආදරය කරපු අය අපෙන් ටික ටික ඈත් වෙලා යනවා. අපි බැදීම් සමග එකතු වෙන්න වෙන්නම අපිට අත හරින්න හරිම අමාරුයි. නමුත් මම මගේ ජීවිතයෙන් කෙනෙක්ව අමාරුවෙන් හරි අයින් කරලා මම හිත හදාගත්තොත් ආයේ කිසිම දවසක මම ඒ කෙනාව මගේ ජීවිතයට ළං කරගන්නේනම් නෑ. එයා මට ජීවත් වෙලා හිටියත් මැරුණු කෙනෙක් හා සමානයි කියලයි ඇය එහිදී කියලා තිබුනේ

ඒ වගේම ඇගේ ජීවිතයේ අත හරින්න අපහසුම දේ ගැන ඇය කියලා තිබුනේ මෙහෙම කතාවක්. මට මගේ පුතාව අත හරින්න බෑ. දැනට මගේ ජීවිතයේ අතහරින්න බැරි දේකට ඉතුරු වෙලා ඉන්නේ මගේ පුතා විතරයි. ඉතින් කවදාවත් මම එයාව අතහරින්නෙත් නැහැ. මම ඒකෙන් අදහස් කරේ මම මගේ පුතාගේ පවුල් ජීවිතයට කරදර කරනවා කියන දේනම් නෙවෙයි. මගේ පුතා දැන් විවාහ වෙලා ඉතාමත්ම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා . මට ඒ දෙන්නා අතරට යන්න ඕනි නෑ. නමුත් පුතාට මාව අවශ්‍ය ඕනිම වෙලාවක මම එයා වෙනුවෙන් ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් කියලා තිබුනේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 29 July 2021 21:26