April 20, 2024

සරා නාඩගම්කාරයෝ ප්‍රේක්ෂකයන්ගෙන් කළ සංවේදී ඉල්ලීම (VIDEO)

නාඩගම්කරයෝ කියලා කියන්නේ බොහෝ දෙනෙක් ආදරයෙන් නරඹන ටෙලි නාට්‍යයක්. එහි කොටස් කිහිපයම යුටියුබ් ට්‍රේන්ඩින් පවා ඒමට සමත් වුනා. කතාව කොයි තරම් ප්‍රේක්ෂකයන් වැළඳ ගෙන තියෙනවාද කිව්වොත් එහි සරාට හිරිහැර කරන චරිතයට දුරකථන ඇමතුම් පවා දී මරණ තර්ජනය කර තිබෙනවා.

ඉතින් මේ නාට්‍ය පටිගත කරන ස්ථානයට බොහෝ දෙනෙක් මේ වන විට පැමිණ තිබෙන නිසා එම සුන්දර පරිසරය දැඩි ලෙස විනාශ වීමකට ලක් වෙලා තිබෙනවා. සරා එහෙමත් නැත්තම් සජිත අනුත්තර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ඔවුන්ගේ රූපගත කිරීම් සිදු කරන වාඩියේ වහල මත පවා විවිධ දේවල් ලියා තිබෙන බවයි.

එහි විවිධ දේවල් ලියා සම්පුර්ණයෙන් ම විනාශ වී තිබෙන බවද පවසනවා. 

ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් සරා ආදරේ නාමයෙන් ඉල්ලා සිටියේ පරිසරය විනාශ කරන එක නැවත්වන්න කියලයි. 

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,


Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 July 2021 18:52