April 19, 2024

"සමහරු අහනවා ජනප්‍රියත්වය උදෙසාද මේ විදිහට අදින්නේ පලදින්නේ කියලා" - ශෂිකා කියූ කතාව

මනුරංග විජේසේකරගේ පදවැල් සමඟ දිනේෂ් ගමගේගේ මියුරු තනුවෙන්ද සශිකා නිසංසලාගේ හඬින් සුගායනීය වුණු ඒ ගීතය මේ දිනවල රසිකයන් ආදරයෙන් වැළඳගත් ගීතයක්. තරුණ ගායන ශිල්පිනියන් අතර සශිකාගේ නිසංසලාගේ හඬට ලැබෙන්නේ ඉතා ඉහළ ස්ථානයක්. කාලෙන් කාලයට ක්ෂේත්‍රයේ විවිධ රැලි පැමිණියද ඒ සියල්ලට හසු නොවී තම අනන්‍යතාව සමඟ උඩුගම්බලා පිහිණූ ගායන ශිල්පිනියක් ලෙස සශිකා කා අතරත් කතාබහට ලක්වන චරිතයක්. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන THE VOICE වැඩසටහනේ විනිශ්ච මඬුල්ල නියෝජනය ඇයට එමඟින්ද ලැබුණු ජනප්‍රසාදය අතිමහත්. ඉතින් ඇයත් සමඟ සති අග පුවත්පතක් මෙලෙස සාකච්ජාවක යෙදී තිබුණා.

සශිකා නිසංසලා සින්දුවක් කිව්වොත් ඒක ජනප්‍රිය වෙනවා. මොකක්ද රහස?

මම තෝරගන්න නිර්මාණයට මම උපරිම සාධාරණය කරනවා. ගීතයක පදරචනයට ගැලපෙන විදිහට තනුවක් වැටිලා තියෙන්න ඕනේ. එතකොට තමයි ගීතයේ පදරචනයට අනුව භාවය ඉස්මතු වෙන විදියට ගායනා කරන්න පුළුවන් වෙන්නේ. මට ගීත හදවතින්ම ගායනා කරන්න පුළුවන් වෙන්නේ එතකොට. මට ලැබෙන ගීතවලින් හොඳම එකක් තෝරාගන්නා නිසා තමයි මට උපරිමයෙන් ඒ ගීතය ගයන්න පුළුවන්. ඒක ප්‍රේක්ෂකයන්ට දැනෙනවා.

“කෝච් සශිකා”ගේ භූමිකාව ගැනත් කතා කරමු?

ඇත්තටම මම the voice වගකීම භාරගත්තේ ගොඩක් කල්පනා කරලා. මම ගොඩක් විනිසුරු මඬුලුවල ඉඳල තියෙනවා. මේ තරගය ඊට වඩා ටිකක් වෙනස්. මෙතැන විනිශ්චකාරවරියක් නෙමෙයි මම කෝච් කෙනෙක්. යම් පුහුණුවක් සහිත නවකයන්ට මඟපෙන්වන්නියක් ලෙස මම කටයුතු කළ යුතුයි. මේ තරගය ජාත්‍යන්තර තරගයක්. ඊට අදාළ සමාගමේ අනුමැතිය සහිතවයි තරගය පවත්වන්නේ. මම ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා. මම කෝච් කෙනෙක් විදිහට මගේ කණ්ඩායම වෙනුවෙන් ගොඩක් කැපවුණා.

ක්ෂේත්‍රයට ඇවිත් දීර්ඝ කාලයක් වුණත් දැන් සශිකා ඉස්සර සශිකාමයි. කොහොමද වෙනස් නොවී හිටියේ?

මම ගමක ඉපදුණු කෙනෙක්. උසස් පෙළට අනුලා විද්‍යාලයට ආවේ. මම ජනප්‍රිය වුණා කියලා මගේ දේවල් වෙනස් කරගත්තේ නැහැ. මම මේ ඉන්න විදිහට තමයි මම කැමතියි. සමහරු මගෙන් අහනවා ජනප්‍රියත්වය උදෙසාද මේ විදිහට අඳීන්නේ පලඳීන්නේ කියලා. මේක මගේ සාමාන්‍ය විදිහ. මේ ආභාෂය මට මගේ මවුපියගෙන් ආවේ. මම ලස්සනට අඳීනවා ලස්සනට මේකප් කරනවා. ඒත් මම බෞද්ධ සංස්කෘතියත් එක්ක සරල සාමාන්‍ය ජීවන රටාවක් ගත කරන්න කැමති කෙනෙක්. ඒ නිසාම මම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ.

ටිකෙන් ටික වයස්ගත වෙලා ජනප්‍රියත්වය අඩු වෙන විට ගායිකාවන්ගේ ඊළඟ පියවර සංගීත නිකේතනයක් පටන් ගන්න එක. සශිකාත් එහෙම කරයිද?

ගායන ශිල්පිනියන් තරුණ කාලයේදී විවිධ වැඩ එක ගොඩක් කාර්යබහුල වෙනවා. ඒ නිසා අලුත් පරපුරකට ගුරුහරුකම් ලබා දෙන්න වුවමනාව තිබුණත් ඒකට කාලය අඩු වෙනවා. මමත් කාලයක් ගුරුවරියක් ලෙස පාසලක සේවය කළා. දැන් ඊඩඥ ඍධඪජඥ වැඩසටහන නිසා මට ටිකක් වැඩිපුර දුරකථන ඇමතුම් එනවා හඬ පුහුණු කරන පන්තියක් පටන් ගන්න කියලා. මම පෞද්ගලික පන්තියක් පටන් අරගෙන නැහැ. පසුගිය කාලය ප්‍රසංග නිසා මම කාර්යබහුල වුණා. ගුරු වෘත්තිය කියන්නේ වගකීම් සහගත වෘත්තියක්. ඒක කරනවා නම් හරියට කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කැපවෙන්න මට කාලයක් තිබුණේ නැහැ. මම ගුරු වෘත්තියෙන් ඉවත් වෙන්නත් හේතුව මගේ පුතාලා දෙන්නාට වැඩි අවදානයම් යොමු කරන්න ඕනේ නිසා. ඔවුන්ගේ අධ්‍යාපනයට වැඩි කාලයක් ලබාදෙන්න ඕනේ. කාලයකදී මගේ දරු දෙදෙනා ලොකු වෙලා මට විවේකයක් ලැබුණොත් මම ඉගෙනගත්ත දේවල් සහ අත්දැකීම් ඉදිරි පරම්පරාව සමඟ බෙදාගනීවි.

Rate this item
(5 votes)
Last modified on Wednesday, 21 July 2021 21:05