April 25, 2024

ගායන ශිල්පිනී කුෂානි සමගින් යුගදිවියට ගිය කසුන් කල්හාර දැන් ගෙවන ජිවිතේ

ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් තරුණ ගායන ශිල්පියෙකු තමයි කසුන් කල්හාර කියන්නේ. ඇත්තෙන්ම ඔහු තරුණ ගායන පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙකු ලෙස හදුන්වන්න පුලුවනි. මේ අතර තමන් සතුව තිබෙන සුමිහිරි කටහඩින් බොහෝ ආදරණීය හදවත් ආකර්ෂණය කර ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. ඒ බව ඉතින් රහසක් නොවෙයි. ගීත ලොවේ රැජින වන මාලනී බුලත්සිංහලයන් සහ ප්‍රවීන සංගීතවේදියෙකු වන H.M. ජයවර්ධනයන්ගේ පුත් වූ මොහු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ශිෂ්‍යයෙකු හා කේමදාසයන්ගේ ඔපෙරා ඔකෙස්ට්‍රාවේ සාමාජිකයෙක්ද වෙනවා.

කොහොමහරි ඉතින් ඔහු තවත් ජනප්‍රිය වන්නේ සිරස ටී.වී හි විකාශය වන වොයිස් ටීන් හි විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන නිසාවෙනුයි. ඒ ඔහුගේ පළමු රියැලටි අද්දැකිම බවයි අපට දැනගන්නට ලැබුණේ. ඉතින් ඒ ගැන ඔහු තුල වුයේ මෙවන් අදහසක්, එතන විනිශ්චයකට වඩා තියෙන්නේ වර්ක්ෂොප් ලෙවෙල් එකක්. එතනදි අපේ පරමාර්ථය කෙනෙක්ව දිනවලා කාර් එකක් හොද ගෙයක් හදාදෙන එක නෙමෙයි. එතනදි අපට අදුනගන්න පුළුවන් මෙයා හොද ගායකයෙක් කරන්න පුළුවන්ද කියන එක කියන එකයි ඔහුගේ අදහස වෙන්නේ.

කසුන්ගේ කලා දිවිය ආරම්භ වූයේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ 2000 වර්ෂයේදීයි. ඔහුගේ නමින් සංගීත ඇකඩ්මියක්ද පවත්වාගෙන යන බවයි අපට දැනගන්නට ලැබුණේ. මේ දිනවල නම් ඔහුගේ නිර්මාණ අපට අහන්නට දකින්නට ලැබෙන්නේ හරිම අඩුවෙන් තමයි. ඒකට හේතුව වෙන්නේ මේ රටේ පවතින තත්වයයි. මේ වෙලා තියන විපත් එක්ක මිනිස්සු ගොඩක් අසරණවෙලා ඉන්නේ. එහෙම තත්වයක් මත අලුත් නිර්මාණ ප්‍රමෝට් කරන එක සාධාරණ නෑ කියන එකයි ඔහුගේ අදහස වෙන්නේ.

ඒ වගේම ඔහු ඉදිරි අනාගතය ගැන කියන්නේ මේ වගේ කතාවකුයි. මම මගේ යාළුවො කිහිපදෙනෙකුත් එක්ක තවත් අලුත් වැඩක් පටන් ගත්තා. මමත් ලේම් එකක් කරන්න බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. ඒත් මේ ඇති වෙලා තියෙන තත්වයත් එක්ක ඒක ටිකක් අමාරුයි කියලයි. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 19:58