April 18, 2024

සංගීත් සතරසිංහගේ පියා කොවිඩ් මාරයාගෙන් බේරුණ හැටි හෙළි කරයි

සංගීත් සතරසිංහගෙ පියා සුරංග සතරසිංහ හට කොවිඩ් ආසාදනය වුනු පුවත සහ ඔහු නැවත සුව වී නිවසට ආ විට ඔහුගේ පුත් සංගීත්ට දැනිල තියෙන්නෙ ලොකු සැනසීමක් විදියටයි.සුරංග තමන්ගෙ මුහුණු පොත තුල දමන ලද සංවෙිදී සටහන නිසත් ගොඩක් අය ඔහු ගැන පලකර තිබුනෙ ඒ සුව වූ නිසාම ලැබුනු සැනසීමෙන්. ඒ සුරංග කියන්නෙ අපේ රටේ ඉන්න හාසයෝත්පාදක නළුවන් අතර මුල් තැන ඉන්න කෙනෙක් හින්දමයි.

ඔහුගේ අත්දැකීම ඔහු මෙලෙස බෙදා ගත්තා.

” ⁣අසනීප කියන දේ කෝම ආවත් වෙිදනාව දරාගෙන හුස්ම ගන්න බැලුව.ඩොක්ටර් ජගත් තමයි මාව බැලුවෙ. එකපාරට රෝහලකට මාව ඇතුලත් කරන්න බැරි අවස්ථාවක එතුමා මට ඇදක් වෙන්කල. 1990 සුව සැරිය ලොකු සේවයක් කලා අපිව හොයාගෙන ආවා.අතට අහුවෙච්ච ඇදුම් දෙක තුනක් ගත්තා. මට හුස්ම ගැනීමෙි අපහසුතාවයක් ඇතිවුන. මටයි මගෙ නෝනටයි හුස්ම ගන්න බැරිවුන. නෝනා ඒක වසන් කලා. මොකද ඇයගියොත් පුතාටත් ගෙදර බල්ලො දෙන්නටත් කෑම කන්න විදිහක් නෑ”

” ඇත්තටම එදා ඇම්බුයලන්ස් එකට ආව ⁣තරුණයන් දෙන්නා මලක් වගේ මාව අරන් ගියා. මාව හෝමාගම කෝවිඩ් රෝහලට ගෙන ගියා. හෝමාගම රෝහලේ තුන්වනි වාට්ටුවෙ පස්වැනි ඇදේ හිටියෙ. හොද කාර්යමණ්ඩලය මගෙ ලේ එහෙම ඉක්මනින් බැලුව. මම භීතියට පත්වුන. ඒ කොවිඩ් හෝ ඔිනැම දෙයකට පස්සෙ තනියෙන් සිටීම තමයි මම බිය වුනෙ. තනියෙන් තමයි ඒකට මුහුණ දෙන්න වුනෙ. වෛද්‍ය කාර්යමණ්ඩලයතමා හැමදේම කලේ. මම ඉපදුනු රෝහල. මට එහා පැත්තෙ තරුණයෙක් එහා ඇදේ කෑගහනව හුස්ම ගන්න බැරිව මම භීතියට පත්වුන. මම හිටියෙ වංගුවක් වගේ තැනක ඇදක. හුස්ම ගන්න බැරි තරුණයට නින්ද ගියා කියල මම හිතුවෙ හුස්ම ගන්න අමාරු යි කිව්ව නිසා බැලුව. ඒ මනුස්සයා නැතිවුන. වැලදුනෙත් වෛද්‍ය වරයන් අතටයි දෙවියන් අතටයි යනව. ඒ අය අතේ තමා තියෙන්නෙ.”

” දින දෙකක් වෙද්දි තත්වය බරපතල වුන. වෛද්‍යවරයන්ට පේන අංක 12 ඇදේ මම හිටිය. කොවිඩ් මාරයා දරුණුයි. සංගීත් ලෑස්ති වුනා එන්න. කොහොමවුනත් දැන් මට සුවය ලැබුනා ඒ හැමෝටම ස්තුතියි. මේ වගේ ව්‍යසනයක් වුනාම සල්ලි තිබුනත් ආදරය තමයි වැදගත් වුනෙ. කවදාවත් හදාගන්න නම් එපාකියල තමයි තියෙන්නෙ”

Rate this item
(0 votes)