April 18, 2024

සිකුරු ග්‍රහ මාරුව : ප්‍රසිද්ධ කාන්තාවකට අපලයි! - අයතා මුදල් ගනුදෙනු

ජුනි මස විසි දෙවැනි දින පස්වරු 2:22 ට සිකුරු මාරුව සිදුවේ. මෙම ග්‍රහ මාරුවත් සමග සිකුරු ග්‍රහතුමිය සතුරු බලයකින් යුතුව කටක රාශියට ප්‍රවිෂ්ට වේ. ජූලි මස 17 වැනිදා දක්වා එහි රැඳී සිටියි. ජනප්‍රිය තලයේ කාන්තාවකට අපල. අයතා ක්‍රම වලින් මුදල් ඉපයීමට සිත යෙදෙන කාලසීමවකි. ජනතාව අතර මුදල් හිඟතාවයක් පෙන්නුම් කරයි. නිෂ්පාදනය සඳහා සුබවාදී කාලසීමාවකි. බල දුබලතා රැසක් ඉස්මත්වේ. කාන්තාවන්ට අසුභ ඵල ගෙන දේ.  

මේෂ

යාන වාහන සම්බන්ධ කටයුතු සාර්ථක වේ. බාධා මැද ජයග්‍රහණය ලැබේ. රැකි රක්ෂා කටයුතු සඳහා යහපත්. දේපල සම්බන්ධව තිබුණු බාධාවක් යම්තාක් දුරකට මගහැරේ. බලාපොරොත්තු සහගත දේවල් වල හොඳ ඉහළ යමක් තිබෙන කාලයක්. විවාහය සම්බන්ධව බාධා මතුවේ. අධ්‍යාපන කටයුතු සඳහා බාධා ඇති කරයි..

වෘෂභ

සයතුටු දායක කරුණු කිහිපයක් යෙදේ. විදේශ ගමන් බලාපොරොත්තු වන්නන්ට සහ පිටරට සිට මව බිමට පැමිණීමට බලාපොරොත්තුව සිටින අයට සුබයි. හදිසි කටයුත්තක් සඳහා තැන්පත් ධනය වැය වීමට ඉඩකඩ ඇත. මානසික ආතතිය ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්. විවාහ ජීවිතයේ පැවැති ගැටලුකාරී තත්ත්වයන් මග හැරේ. ශරීර සෞඛ්‍යයය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.

මිථුන

ශුභ ඵල ගෙනදෙන ග්‍රහ මාරුවකි. පැවැති අසුබ කාලයකි නිමා වෙයි. වැය පාර්ශ්වය ඉහළ යෑමක් පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතු සඳහා යහපත් කාලයක් නොවේ. නිරායාසයෙන් මුදල් ලැබීම් පෙන්නුම් කරයි. විවාහ ජීවිතය යහපත්. විවාහ අපේක්ෂා ඉටු වේ.  රැකි රක්ෂා කටයුතු වෙළහෙළඳාම් කර්මාන්ත ආදියට සුභ කාලයකි.

කටක

ධනය සම්බන්ධව පැවති ගැටලු විසඳේ. විනෝදකාමී ව කටයුතු කරන්නට සිත් යෙදේ. මානසික නිදහස් හිමිවන කාලසීමාවකි. නීතිමය ගැටලු නිරාකරණය කරගැනීමට හැකිවේ. උසස් අයගේ සහ බුද්ධිමතුන් ගේ අනුග්‍රහය ලැබේ. ආදායම් මාර්ග සුභඅතට හැරෙයි. දරුවන්ගේ කටයුත්තක් වෙනුවෙන් කලකිරීම් ඇති වීමට ඉඩකඩ ඇත.

සිංහ

එතරම් සාර්ථක කාලයක් නොවේ. සුරා සූදුවට ඇබ්බැහි වීම්, අසම්මත ක්‍රියාවන් සඳහා පෙළඹීමට ඉඩ කඩ පවතී. නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුවේ. වියදම් පාර්ශවය වැඩි වීමට ඉඩකඩ ඇති බැවින් මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කිරීම වැදගත්. සහෝදරයින් සමග ගැටළු මතුවිමට ඉඩ කඩ පවතී. විදේශ රැකියා බලා බලාපොරොත්තු වූවන්ට සහනදායි පිළිතුරු ලැබේ.  

කන්‍යා

ආදායම් ඉහළ යෑමක් සිදු වේ. පසුගිය කාලයට සාපේක්ෂව ඔබගේ ආදායම් තත්වය ඉහළ යෑමට ඉඩ කඩ පවතී. සමාජය තුළ පිළිගැනීම්ට ලක්වවෙන කාලයකි. දේශපාලනයේ නියැලෙන්නන්ට ඉතාමත් සුභයි. ලේඛන කටයුතු සහ නිර්මාණකරණයේ යෙදෙන්නන්ට යහපත් කාලයකි. දරුවන් පිළිබඳව සුදුසු කාලයක් නොවන නිසා ඔවුන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම යහපත්.

තුලා 

මිශ්‍ර ඵල ගෙන දෙන කාලසීමාවකි. සෞන්දර්ය කටයුතුවල නියැලෙන්නන්ට යහපත්. රජය සමඟ හෝ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන කටයුතු කරන්නන් ගේ කාර්යයන් සාර්ථක වේ. අනවශ්‍ය වියදම් මඟ හරවා ගැනීමට වග වගබලා ගැනීම ඉතාමත් වැදගත්.  ණයට ගැනීමෙන් වැළකීමට කටයුතු කිරීමය යහපත් වේ. උත්පත්ති කේන්ද්‍රය තුළ චන්ද්‍රයා පස්වැන්නේ පිහිටන අයට මෙම කාල පරිච්ඡේදයය සාර්ථක නොවේ. නීතිමය ගැටලු, සෞඛ්‍යය ගැටලු ඇති වීමට ඉඩකඩ ඇත.

වෘශ්චික

ධාර්මිකව ජීවත් වීමට සහ ධාර්මික හැඟීම් මතු කරවන කාලසීමාවකි. පෙර පින් ඉස්මතු වී ඔබ බලා බලාපොරොත්තු වූ කාරණා ඉෂ්ඨ සිද්ධ කරගැනීමට කාලය උදාවේ. නිර්මාණශීලී කටයුතු සඳහා ඉතාමත් සුබ ඵල ගෙන දෙන කාලයකි. විවාහ කටයුතු සඳහා සුබපල නොපෙන්වයි. උත්පත්ති කේන්ද්‍රයේ සඳු හතර වැන්නේ නම් මෙම කාල පරිච්ඡේදය තුළ ගැටලු මතුවේ.

ධනු

අධික ලෙස ධනය වියදම් වන කාලසීමාවකි. අවබෝධයකින් තොරව ධනය වියදම් වීම සිදුවේ. සහකරුට. සහකාරියට අපල උපද්‍රව ගෙන දීම සිදු කරයි. ඔවුන් පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්. විවාහ අපේක්ෂාවෙන් සිටින අයටත් මෙම කාල සීමාව එතරම් සුබ නොවේ.

මකර

ලග්න ඒරාෂ්ඨක කාලසීමාවකි. කරන සිහින කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර කල්පනා කිරීම වැදගත්. හදිසියේ අනතුරු සිදුවීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් සහගතව කටයුතු කිරීම යහපත් වේ. වෙනදාට වඩා ශරීරය සෞඛ්‍යය පිළිබඳ ව සිටීම ඉතා වැදගත්. ඒරාෂ්ඨක කාලසීමාවක් ගතකරන බැවින් විවිධ බාධක ඇති වීමට ඉඩකඩ ඇත. විවාහ ජීවිතයේ සහනය සැලසේ. විවාහ අපේක්ෂකයින්ට යහපත් පිළිතුරු ලැබේ. අධ්‍යාපන කටයුතු සඳහා සාර්ථක නොවේ.

කුම්භ

ලග්න ඒරාෂ්ඨකයක් ගත කරන කාලයකි. සියලු කටයුතු වල දී සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත්. ඇසුරු කරන්නන් නිසා ගැටළු සහගත අවස්ථාවන්ට මුහුණදීමට සිදුවන බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. බලාපොරොත්තු නොවූ ගැටලුවලට මුහුණ දීමට ඉඩකඩ පවතී. ආහාර පිළිබඳව ප්‍රවේශම් වීම වැදගත්. දේශපාලනයේ නියැලෙන්නන්ට ගැටළු මතු කරයි. සැපයුම් අංශයේ රැකියා සඳහා සුබයි.

මීන

සෙනසුරු මහ දශාවක් ගත කරන්නේ නම් විවාහ ජීවිතය සහ සෞඛ්‍යය පිළිබඳව ගැටළු මතු කරයි. විවාහ ජීවිතයේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන කාලසීමාවකි. දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට සුබදායි පිළිතුරු ලැබේ. ස්ත්‍රී ඇසුර ලැබේ. නොසිතා සිදුකරන ස්ත්‍රී ඇසුර නිසා ගැටලු මතුවීමට ඉඩ කඩ ඇත.

Rate this item
(0 votes)