March 28, 2024

බොලිවුඩ් තරු පච්ච කොටා ගනිමින් පියවරුන්ගේ දිනය සමරති

ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී ඇත. මෙතුවක් කාලයක් තමා පෝෂණය කළ රැකබලාගත් පියවරුන් වෙනුවෙන් ලෝකයේ බොහෝ දෙනා නොයෙක් ආකාරයෙන් කෘතගුණ දැක්වීම සිදුකරන අතර පියවරුන් ද තම දුවා දරුවන්ට ඇති ආදරය පෙන්වීමට පියවරුන්ගේ දිනය යොදා ගනී. අපි මේ කියන්න යන්නේ බොලිවුඩයේ ජනප්‍රිය තරු තමන්ගේ පියවරුන් වෙනුවෙන් සහ දුවා දරුවන් වෙනුවෙන් තම ආදරේ පෙන්වීමට දැක්වූ වෙනස්ම ආකාරයක් පිළිබඳවයි.

ප්‍රියංකා චොප්රා

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ප්‍රියංකා චොප්රා ඇගේ මැණික් කටුවෙහි 'ඩැඩීස් ලිට්ල් ගර්ල්' යනුවෙන් ලියා ඇත. ප්‍රියංකා චොප්රා ඇගේ පියාට ඉතා සමීපව සිටියාය. මෙම පච්චය ප්‍රියංකා චොප්රා විසින් ඇගේ පියාට කෘතගුණ දැක්වීම වෙනුවෙන් ලියා ඇත.

අක්ෂේ කුමාර්

සිනමා තරුවක් වන අක්ෂේ කුමාර් සිය දියණිය වන නටාරා සහ පුත් අරව්ගේ උපතෙන් පසු මෙම දරුවන් දෙදෙනාගේ නම් ශරීරයේ පච්ච කොටා ගත්තේය.

ඉම්රාන් ඛාන්

බොලිවුඩ් තරුවක් වන ඉම්රාන් ඛාන් තම දියණියගේ පාදය ඔහුගේ පපුවේ පච්චයක් ලෙස කොටාගෙන ඇත.  

සංජේ දත්

සංජේ දත් ඔහුගේ පියා සුනිල් දත් සමඟ ඉතා සමීපව සිටියේය. සංජේ දත් ඔහුගේ පියා, සුනිල් දත්ගේ නම ඔහුගේ පපුවේ කොටාගෙන ඇත.

අජේ දේව්ගන්

බොලිවුඩ් සුපිරි නළු අජේ දේව්ගන් ද තම දියණිය වන නියාසාගේ නම සහ ශිව දෙවියන්ගේ රූපය පපුවේ සිතුවම් කරගෙන ඇත.

අර්ජුන් රාම්පල්

සිනමා තරුවක් වන අර්ජුන් රාම්පල් තම දියණිය මහිකාගේ නම ඔහුගේ දකුණු අතේ සටහන් කර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 June 2021 18:17