April 19, 2024

පියවරුන්ගේ දිනයට හුස්ම දෙන වැඩක්

කාබනිබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන නයිට්‍රජන් වැඩි කර ගැනීම යෝග්‍ය වන දේශීය පැන්ඩා උණ පැල පන්දහසක් රෝපණය කිරීමේ වැඩසටහන් පසුගිය 17 දින දඹුල්ල දිගම්පතහ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති පරිශ්‍රයේදී සිදු කෙරුනා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේගේ උපන් දිනය අද (20) දිනට යෙදී තිබීම, ලෝක පියවරුන්ගේ දිනයත් අද දිනට යෙදී තිබීම මෙන්ම ඉන්දියානු ජාතික ව්‍යාපාරික රාම් සුබ්‍රමනියම් මහතාගේ පුතාගේ උපන් දිනය සැමරීම වෙනුවෙන් මෙම උණ ශාක 5000 සිටුවීම් සිදු කළ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසුවා.

පවතින සෞඛ්‍ය හේතුව නිසා උපදෙස්වලට අනුගතව මෙම ස්ථානයේ ඉතා චාම් රුක් රෝපණ වැඩසටහනක් සංවිධානයය කොට තිබුණා. දඹුල්ල මහ නගර සභාව විසින් පවත්වාගෙන යන කාබනික පොහොර නිෂ්පාදනාගාරය විශාල භූමිය තුල උණ ශාකය රෝපණය කිරීම සඳහා තිලංකා හෝටල් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී ජෙෆ් ගුණවර්ධන මහතා මෙන්ම ඉන්දියානු ජාතික ව්‍යාපාරික සුබ්‍රමනියම් මහතා මූල්‍ය දායකත්වය ලබා දී තිබෙනවා.

මහා සංඝරත්නය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය ආදී රාජ්‍ය ආයතන බොහොමයක් එක්ව මහ සඟරුවනේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ දඹුල්ල දීගම්පතහන ප්‍රදේශයේ මෙම උණ ශාක 5000 රෝපණය කිරීම සිදු කළා.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය සාමාන්‍යයෙන් සිදු කරද්දී 1.5%ක ප්‍රමාණයක් පමණක් පවතින බවත් එහෙත් මෙම පැන්ඩා උණ ශාක පත්‍ර කාබනික පොහොරට එක්කිරීමෙන් පොහොර සඳහා අවශ්‍ය නයිට්‍රජන්  15.1% සිට 18.6% දක්වා වැඩි කර ගැනීම අරමුණ වී තිබෙන බවත් එමෙන්ම ඉදිරියේදී මෙම ස්ථානයේ තවදුරටත් සංචාරක ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා මෙම ව්‍යාපාරිකයන්ගේ සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කර ඇති බව නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙහිදී පැවසුවා.

ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරික ආයතනයේ අධිපති ඉන්දියානු ජාතික ව්‍යාපාරික රාම් සුබ්‍රමනියම් මහතා කියා සිටියේ ලෝක පියවරුන්ගේ දිනයේදී ලෝකයේම දරුවන්ට කාබනික ක්‍රම හඳුන්වා දීම මුළු ලෝකේම දුවා දරුවන් වෙනුවෙන් තම පුත්‍රයාගේ උපන් උපන්දිනය සමරා මෙම සත්කාරයට දායක වූ බවයි.

මෙම අවස්ථාවට දඹුල්ල ප්‍රදේශයේ මහ සඟරුවන මෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් එක්ව සිටියා.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 June 2021 21:17