March 28, 2024

පෙම්වතා හැර ගිය දුකට උඩුමලෙන් පැන්න 14 හැවිරිදි දැරියගේ දිවි බේරුණු හැටි

පෙම්වතා සමඟ පැවැති ආදර සම්බන්ධතාව හිටි හැටියේ නැවතීම හේතුවෙන් දැඩි ශෝකයෙන් සිට නිවසේ උඩුමහලෙන් පැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ 14 හැවිරිදි දැරිවියගේ ජීවිතය අනූනවයෙන් බේරා ගැනීමට වෛදවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.

සියදිවි හානි කර ගැනීමේ අරමුණින් ඇය මෙලෙස නිවසේ උඩුමහලෙන් පැන තිබූ අතර දින කිහිපයක් හදිසි ප්‍රතිකාර ගැනීමෙන් පසු ඇයව සාමාන්‍ය වාට්ටුවකට මේ වන විට ප්‍රතිකාර ලබනවා.

සියදිවි හානි කර ගැනීම මෙරට නීතියෙන් වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය ඇයට එරෙහිව විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

ඇයගේ ස්මාර්ට් ජංගම දුරකථනයද අදාළ අංශ පරික්ෂා කොට ඇති අතර මුළු ආදර සම්බන්ධතාව එහි ඇතුළත් බවද වාර්තා වෙනවා. කොරෝනා නිසා ඇය සහ ඇයගේ පෙම්වතා නිතර හමු වී ඇත්තේ ද වීඩියෝ කෝල් වලින් බව ද අනාවරණය වී තිබෙනවා.

බොරැල්ලේ ප්‍රදේශයේ පදිංචි 9 වසරෙහි ඉගෙනුම ලබන දැරිවියක් මෙලෙස සියදිවි හානි කරගැනීමේ අරමුණින් උඩුමහලෙන් බිමට පැන තිබුණා.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 21:50