April 18, 2024

“ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්ම එයාව පුච්චලා දැම්මා” - ගයත්‍රි ඩයස් හඬා වැළපෙයි (VIDEO)

ජනප්‍රිය නිළි ගයත්‍රි ඩයස්ගේ මව ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන්.

හෘද රෝගයකින් පෙළුණු ඇය ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර එහි දී අනාවරණය වී ඇත්තේ ඇය කොවිඩ් 19 ආසාදිත බවට යි.

ප්‍රතිකාර ලබමින් සිටි ඇය පෙරේදා (13) දින හෘදයාබාධයක් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර සිය මවගේ වියෝව සම්බන්ධයෙන් ගයාත්‍රි තම නිල ෆේස්බුක් පිටුව වෙත වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

හඬා වැළපෙමින් ඇය ප්‍රකාශ කරන්නේ මෙවැනි ඉරණමක් අන් කවරෙකුට හෝ අත් නොවීමට අප සියළු දෙනා වගබලාගත යුතු බවයි.

මියගොස් පැය කිහිපයක් තුළ, ඇඟ ලා සිටි ඇඳුම පිටින්ම තම මවගේ දේහය පිළිස්සූ බවත් තමන්ට සුළු මොහොතකට සිය මවගේ මුහුණ පමණක් දැකගත හැකි වූ බවත් ඇය පවසනවා.

ඇය නිකුත් කළ වීඩියෝව පහතින්..

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 15:52