April 25, 2024

වෛද්‍යවරයෙක් වූ සැමියා සමග උදාරි වර්ණකුලසූරිය අයිස්ලන්තයේ ගෙවන සුපිරි ජීවිතය මෙන්න (PHOTOS)

1988 මාර්තු 22 දින මීගමුවේදී උපත ලබෑ උදාරි චමිලා වර්ණකුලසූරිය දක්ෂ රංගන ශිල්පිනියක්. සිංහල සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍යය තුලින්ද ඇගේ රංගනය අපට දැකගැනීමට පුලුවනි. ඇය රග පෑ බොද මීදුම් ටෙලි නාට්‍යය මගින් ඇය බොහෝ ප්‍රසිද්ධියට පත් වුනා.

ඇගේ පියා ග්‍රෙෂන් ප්‍රනාන්දු හා මව චිත්‍රා පුෂ්පකාන්ති වේ. උදාරි පාසලේ බටහිර හා නැගෙනහිර සංගීත කණ්ඩායම්වල සාමාජිකාවක් වූ අතර බටහිර ජන සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ඇය පාසලේ ක්‍රීඩා කිහිපයකට ක්‍රීඩා කළ අතර පාසලේ නෙට්බෝල් කණ්ඩායම, ක්‍රිකට් කණ්ඩායම, එල්ලේ කණ්ඩායම සහ වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසද කටයුතු කර තිබෙනවා. පාසල් අධ්‍යාපන නිම කර ඇය ඇමරිකානු උසස් අධ්‍යාපන විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ උපාධියක් ගෙන තිබේ.

නමුත් දැන් ඇය රංගන ජිවිතයෙන් ඈත් වී අයිස්ලන්තයේ ජිවත් වන බව අපට දැනගන්නට ලැබුනා. සුජිත් ඉන්දීවර විජේරත්න වන ඇයගේ සැමියා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. මොවුන් දෙදෙනාට එක් දියනියක් සිටින අත ඇය නමින් ෂෙනාරියා උමේලි වේ.

උදාරි 2007 ලෝක රූ රැජින තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වන ලදී එම අවස්ථාවෙහිදී, ඇය මිස් ටැලන්ට්, මිස් ජනප්‍රිය සහ මිස් ක්ලෙයාර්නස් ෆේස් ඇතුළු බොහෝ කාණ්ඩ රැසක්ම දිනා ගත්තා. සිනමාව හා නාට්‍යය කලාවට පිවිසීමට පෙර ඇය හොල්සිම් සහ නෙස්ලේ වැනි බොහෝ රූපවාහිනී වෙළඳ දැන්වීම්වල හා මියුසික් වීඩියෝවල අපට දැකගන්නට ලැබුනා. වයස අවුරුදු 21 දී ඇය උදයකාන්ත වර්නසූරියගේ පයා එනා හිරු සේ චිත්‍රපටය හරහා සිනමාවට අවතීර්ණ විය. මෙම හැකියාවන් නිසාම ඇයට ජනප්‍රිය නිළිය සම්මානයද හිමි වුනා.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 21:55