March 29, 2024

යුවලකගේ පවුල් ආරවුල් සටන අවසානයේ මාරාන්තික අනතුරක් වූ හැටි ( video )

රුසියානු යුවලක් ශාන්ත පීටර්ස්බර්ග්හි පිහිටි සිය නිවසේ දී කිසියම් කාරණාවක් මුල්කරකරගෙන බහින්බස්වීමක් ඇති වී ඇත.

එම බහින්බස්වීම දුරදිග ගොස් දෙදෙනා අතර සටනක් බවට එය පත්වී ඇත.

ඔවුන් දෙදෙනා නිවසේ බැල්කනියේ රණ්ඩු වෙමින් සිටියදී හදිසියේම බැල්කනියේ තිබූ ආරක්ෂිත වැට කඩාගෙන ගොස් දෙදෙනා බිම ඇඳ වැටී තිබේ.

මෙම යුවල ජීවත් වී තිබුණේ මහල් නිවාස සංකීර්ණයක දෙවන මහලේ වෙන අතර ඔවුන් දෙදෙනා එම නිවසේ බැල්කැනිය ආරක්ෂිත වැට කැඩී යාමත් සමඟ අඩි 25ක් තරම් උසකින් බිමට ඇද වී තිබුණි.

මෙලෙස බැල්කැනිය මත දෙදෙනාම එක්ව රණ්ඩු කරනා අවස්ථාව අසලින් ගමන් ගත් අයෙකු විසින් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත් කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පැවැත්වෙන අතර පහතට වැටුණු යුවළ බරපතල තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබති.

කිසිවෙකුටත් ජීවිත හානියක් සිදු නොවී තිබේ. 

එම සිදුවීමේ වීඩියෝ දර්ශන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 June 2021 14:38