April 25, 2024

වාහනවලින් යන්න එපා කියූ නිසා විල්බැරෝවත් අරගෙන කඩේට ගොඩ වෙලා (VIDEO)

ඊයේ (24) දිනයේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සංචරණ සීමා ලිහිල් කර අද (25) දිනයේ ජනතාවට අවශ්‍ය කරන දේවල් ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදෙන බවට රජය විසින් ප්‍රකාශ කර තිබුණි.

එම මාධ්‍ය හමුවේදී අමාත්‍ය ජොන්ස්ටන් මහතා සඳහන් කර සිටියේ සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුකර නිවසට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට අවස්ථාව ලබාදෙන බවයි. නමුත් වාහන භාවිත කරන වෙළෙඳසැල් වෙත නොයන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට යනවා නම් ඒ සඳහා වාහන භාවිත නොකර පයින් ගොස් ඒවා මිලදී ගත යුතු යැයි පැවසීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ යම් උණුසුම් කතාබහක් නිර්මාණය විය.

බොහෝ දෙනා එහිදී චෝදනා කර සිටියේ නිවසේ සිට බොහෝ දුරක් වෙළෙඳසැල්වලට ඇති බවත් වාහනයක් නොමැතිව ගොස් සතියකට අවශ්‍ය කරන ද්‍රව්‍ය රැගෙන එන්නේ කෙසේදැයි යන්නයි.

මෙහිදී සමහර පිරිසක් විසින් විල්බැරෝවක දමාගෙන බඩු භාණ්ඩ ගෙන ආ හැකි බවට හාස්‍යයට මෙන් පවසා තිබුණු අතර එම හාස්‍ය ජනක සිදුවීම අද (25) දිනයේ දී සැබෑවටම පුද්ගලයෙකු විසින් සිදුකර තිබුණි.

මෙම සිදුවීම මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර බොහෝ දෙනා මෙය හාස්‍යයට ලක් කර සිටි අතර මෙම ක්‍රියාව සිදු කළ පුද්ගලයා මුලික සෞඛ්‍ය මාර්ගපෝදේශයන් යටතට ඇති “මුව ආවරණයක් පැළැඳීම” යන සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් චෝදනා කර තිබේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)