ෆේස්බුක් සමාජ ජාලය තුළ අඹු-සැමියන් හුවමාරු කරගැනීමේ අරමුණින් සමූහයක් (Group) පවත්වාගෙන ගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ගුවන් හමුදා සෙබළෙකු බවයි වාර්තා වන්නේ.
බදුරලිය ප්‍රදේශයේ පදිංචි රංග නිරෝෂණ නම් වූ ඔහු 25 හැවිරිදි වියෙහි පසුවන බව සඳහන්.
මෙම සෙබළා ගුවන් හමුදාවෙහි ඩ්‍රෝන කැමරා කි‍්‍රයාකරුවෙකු ද වනවා.
ෆේස්බුක් සමාජ ජාලය තුළ “බිරින්දෑවරු හා ස්වාමි පුරුෂයන් බෙදා ගැනීමේ සංගමය” නමින් සමූහයක් (Group) නිර්මාණය කර ඇති මොහු විශාල ෆේස්බුක් සාමාජික සාමාජිකාවන් ප්‍රමාණයක් ද එයට එක් කොටගෙන තිබෙනවා.
ඉන් නොනැවතී මෙම පුද්ගලවා විවිධ කාන්තාවන්ගේ ඡායාරූප එම සමූහයට එක් කර ඇති අතර එම කාන්තාවන් පිළිබඳ ඉතා අසභ්‍ය වදනින් අදහස් ද පළ කොට ඇති බව පැවසෙනවා.
අනතුරුව මේ පිළිබඳව ලැබුණු පැමිණිලිවලට අනුව කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ බුද්ධි මෙහෙයුමක් ආරම්භ කොට තිබෙනවා.
ගුවන් හමුදා සෙබළා අත්අඩංගුවට පත්ව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.
කාන්තාවන්ගේ රූප සමග අසභ්‍ය වදන් පළ කරමින් ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියම වී ඇත්තේ.
මෙම පුද්ගලයා අදාළ සමූහය වෙත කාන්තාවන්ගේ ඡායාරූප විශාල ප්‍රමාණයක් එකතු කර ඇති බව පැවසෙනවා.
ෆේස්බුක් සමූහය පවත්වාගෙන යාම සඳහා මෙම පුද්ගලයා භාවිත කළ ජංගම දුරකතන ආදිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.