April 25, 2024

1720 සිට 2020 දක්වා මානව ඉතිහාසය අඳුරු කල දරුණුතම වසංගත 4

වර්ශ 1720 සිට 2020 දක්වා මානව ඉතිහාසයේ මිනිස් ජීවිත මිලියන ගණනින් බිලිගත් දරුණුතම වසංගත හතරක් පිළිබඳව වාර්ථාවේ.

කොරෝනා වෛරසයෙන් මෙන්ම තවත් අවස්ථා තුනකදී ලෝක ආර්ථිකය බිඳවටීම,රෝග ව්‍යාප්තිය පාලනය ට නොහැකි වීම,මරණ අනුපාතය ඉහලයාම වැනි කාරනා නිසා ලෝක බලවත් රටවල් මෙන්ම රාජ්‍ය පාලකයින් ද ජනතාවද අසරණ විය.

ලොවම අසරණ කල මෙම මහා වසංගත හතර පිළිබඳව සැකෙවින් විමසා බලමු.

"මර්සෙයි" හි වසංගතය ( 1720 – 1723 )

මෙම වසංගතය 1720 දී ප්‍රංශයේ මර්සෙල් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ විය. මෙම වසංගතයෙන් ලක්ෂයකට අධික පිරිසක් මියගිය බවට  වාර්ථා වේ.  එය මර්සෙයි හි ජනගහනයෙන් 30% ක් පමණ වනබව පැවසේ.

පළමු කොලරා වසංගතය ( 1817-1824 )

මෙම වසංගතය ආසියාවට බලපෑ පළමු කොලරා වසංගතය ලෙස සැලකේ. ඉන්දියාවේ කල්කටා නගරයෙන් ආරම්භවී අග්නිදිග ආසියාව,මැදපෙරදිග කලාපය,නැගෙනහිර අප්‍රිකාව,මධ්‍යධරණී වෙරළ තීරය දක්වා පැතිර ගියේය. ආසියාවේ සියලු රටවල් මෙම වසංගතයට මුහුණදුන් අතර දහස් සංඛ්‍යාත ජීවිත ප්‍රමාණයක් අහිමි විය.

ස්පාඤ්ඤයේ උණ වසංගතය (1918-1920 )

මෙතෙක් මානව ඉතිහාසයට බලපෑම් කළ ඉන්ෆලුවෙන්සා වසංගත අතුරෙන් දරුණුතම වසංගතයක් ලෙස මේය හැඳින් වේ. මිලියන 500 කට අධික පිරිසක් මෙම රෝගයට ගොදුරු වූ අතර ඉන් ස්පාඤ්ඤ ආදි වාසී ජනතාව වඳවීම ආරම්භ වූවා යැයි සැලකේ. මෙම උණ රෝගය හේතුවෙන් මිලියන 17 ට අධික පිරිසකගේ ජීවිත අහිමි විය.

කොරෝනා වෛරසය ( 2019-2020 )

කොවිඩ් 19 මේ මොහොතේ සියලු ලෝක බලවතුන් පවා අන්ත අසරණ කරමින් දහස් ගණනින් මිනිස් ජීවිත බිලිගනිමින් පැතිර යන ගෝලීය වසංගත තත්වයකි. 2019 චීනයේ වූහාන් පලාතින් ආරම්භ වූ මෙම වෛරසය මේ වනවිට මුලු ලොවම වෙලාගෙන සිටියි. මේවනවිටත් ලොවපුරා ලක්ෂ 33 ක් පමණ පිරිසක් මියගොස් ඇති අතර බිලියන 16 කට අධික පිරිසකට රෝගය ආසාධනය වී ඇත.

Rate this item
(0 votes)