April 23, 2024

ලෝක ප්‍රසිද්ධ වීදුරු පාලමේ එක්වරම වීදුරු කඩා වැටෙයි - ඒ මත සිටි සංචාරකයාට සිදු වූ බිහිසුණු දේ මෙන්න

ලෝකයේ සංචාරක ආකර්ෂණය අතින් ඉහළින්ම ඇති ස්ථානයන් අතරින් චීනයේ ෂැංජියාජි වීදුරු පාලම ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලයි.

ත්‍රාස ජනක අත්දැකීමකට කැමති බොහෝ දෙනෙකු මෙම ස්ථානය වෙත යන අතර බොහෝ දෙනෙකුට පාලම හරහා ගමන් කිරීමට තරම් ධෛර්යක් ඇති නොවෙයි.

දිගින් මීටර් 430ක් දිග පළලින් මීටර් 6ක් ඇති මෙම පාලමට එක්වර පුද්ගලයින් 800ක් දරා ගැනීමට හැකියාව තිබේ. පාලම ගමන් කරනා කොටස ඝනකම වීදුරුවලින් තනා තිබීම සහ මෙය පිහිටා ඇති ස්ථානය හේතුවෙන් ලෝකයේ සංචාරක ආකර්ෂණය විශාල වශයෙන් හිමිව තිබේ.

කෙසේ වෙතත් අද (10) දිනයේ මෙම පාලමේ වීදුරු එක්වරම කඩා වැටී ඇති අතර එම අවස්ථාවේ පාලම මත එක් සංචාරකයෙකු සිට තිබේ. පාලමේ වීදුරු කඩා වැටෙන අවස්ථාවේ ඔහු පාලමේ අත්වැටේ එල්ලී එහි යකඩ රාමුව පාද තබාගෙන එල්ලීමට සමත්ව තිබේ. සංචාරකයා මෙලෙස එල්ලී සිට ඇත්තේ අඩි 328ක් පමණ ගැඹුරු ප්‍රපාතයක් සහිත ස්ථානයකයි.

මෙම පුද්ගලයා පැය භාගයක පමණ කාලයක් ගලවා ගැනීමේ කණ්ඩායමක් එනතුරු මෙලෙස පාලමේ එල්ලී සිට තිබේ. 

එම සංචාරකයාව මුදවා ගැනීමෙන් පසුව වහාම රෝහල් ගත කර ඇති අතර පසුව ඔහුව මානසික ප්‍රතිකාර කිරීමට උපදේශන සේවයක් වෙතද යොමුකර තිබේ.

බලධාරීන් විසින් වීදුරු පාලමට යන ස්ථානයන් දෙකම මේ වන විට වසා දමා ඇති අතර ඔවුන් සඳහන් කර තිබුණේ පසුගිය සිකුරාදා (06) වැනිදා එම ප්‍රදේශයේ පැවැති දැඩි කුණාටු සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් පාලමට දැඩිලෙස හානි සිදුව තිබූ බවයි.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිලෙස හුවමාරු වු අතර බොහෝ දෙනෙකු පවසා තිබුණේ තම  ජිවිත තුළ අත්දැකිය හැකි මාරාන්තිකම අත්දැකීම මෙම සිදුවීම වනු ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 May 2021 23:19