March 29, 2024

ලෝක ප්‍රසිද්ධ ගේට්ස් යුවලගේ විවාහය දෙදරා යයි - ප්‍රසිද්ධියේ ම දික්කසාදය ප්‍රකාශ කරයි

ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් සහ ඔහුගේ බිරිඳ මැකෙන්සි දික්කසාද වීමෙන් වසර දෙකකට පසුව ලෝකයේ තාක්ෂණික දැවැන්තයෙකු මෙන්ම කාලයක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙසද සිටි බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් යුවල සිය 27 වසර විවාහ ජීවිතය නිමාවට පත් කරන බවට ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝකයේ ධනවත්ම යුවලක් වන බිල් සහ මෙලින්ඩා ගේට්ස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 130ක් වන අතර ලෝකයේ විශාලතම සමාජ සේවා සංවිධානයක් ද ඔවුන් දෙදෙනා විසින් එක්ව ක්‍රියාත්මක කළහ. කෙසේ වෙතත් දික්කසාදයෙන් පසුවත් මෙම ගේට්ස් පදනම දිගටම පවත්වාගෙන යන බවද ඔවුන් ප්‍රකාශ කර තිබුණි.

සිය ට්විටර් ගිනුම් හරහා මෙම සම්බන්ධව ලිපියක් දෙදෙනාම එක්ව පළ කර තිබූ අතර එහිදී කියා තිබුණේ සිය විවාහ ජිවිතය පිළිබඳව සිය සම්බන්ධය පිළිබඳව බොහෝ කාලයක් තිබූ සිතිවිලි සහ එය රැක ගැනීමට ගත් උත්සාහයන්වලින් අනතුරුව මෙම විවාහය නිමාවට පත් කිරීමට තීරණය කළ බවයි.

ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ පසුගිය වසර 27 තුළ දෙදෙනාම එක්ව ඇදහිය නොහැකි දරුවන් තිදෙනෙකු ඇති දැඩි කළ බවත් ලොව පුරා වැඩ කරමින් තමන් පදනමක් ගොඩනඟා ගත් බවත්, සියලු මිනිසුන්ට සෞඛ්‍ය සම්පන්න,ඵලදායී ලෙස ජීවිත ගත කිරීමට හැකිවන පරිදි සේවය කළ බවත්ය.

එහිදී දෙදෙනාම එක්ව නිකුත් කළ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් කර තිබුණේ "අපි දිගටම එම මෙහෙවර පිළිබඳ විශ්වාසයක් බෙදා හදා ගන්නා අතර  අපගේ පදනමේ වැඩ කටයුතු කරගෙන යනු ඇත. නමුත් අපගේ ජීවිතයේ මීළඟ අදියරේදී යුවළක් ලෙස එකට සිටිය හැකි යැයි අපි තවදුරටත් විශ්වාස නොකරමු." යනුවෙනි.

බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් විවාහ ජීවිතයට එළැඹ තිබුණේ වර්ෂ 1994 දීය.

බිල් ගේට්ස් 65 වැනි වියේ පසුවන අතර මෙලින්ඩා ගේට්ස් 56 වැනි වියේ පසුවන අතර ඔවුනට වයස අවුරුදු 25ක දියණියක් සහ අවුරුදු 18ක දියණියක් සිටින අතර අවුරුදු 21ක පුතෙකුද සිටියි.

බිල් ගේට්ස් විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්,

Rate this item
(0 votes)