April 25, 2024

BnS හෙළි කළ දීර්ඝ කාලීන මිතුදමේ රහස

පසුගිය වකවානු වල යුගල කිහිපයක්ම සංගීත ක්ෂේස්ත්‍රයට ආවා. හැරිලා බලනකොට නම් ඒ යුගල නැහැ. නමුත් හැමදාම වෙන් නොවී එකට හිටපු යුගලයක් තමයි BnS කියලා කියන්නේ. ඒ ගැන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් හරි අපුරු දෙයක් කියලා තිබුණා.

භාතිය ජයකොඩි බැඳීම ගැන මෙන්න මෙහෙම කිව්වා. 

"අපි දෙන්නා අදටත් කවුද වැඩිය ප්‍රසිද්ධ, කාටද වැඩිය තැන ලැබෙන්නේ කියන එක උඩ නෙවෙයි අපි දෙන්නා දුවන්නේ. අපි දෙන්නා දුවන්නේ අපි මේ කරන දේ තියෙනවනේ කරන වැඩේ ලස්සන වෙන්නේ කොතනද කියන තැනින් අපි ඒක ඉවර කරනවා. ඒකට ෆෝකස් කරගෙන ඉන්න තාක්කල් මේ බැඳීම දුවනවා. හැබැයි අපි එතනින් එහාට ගිහිල්ලා මේ භාතියද? සන්තුෂ්ද කියලා හොයන්න ගියොත් අවුලක්. H20 වෝටර් කියන්නේ අපිට හුස්ම ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා හැදෙන්නේ. ඒ දෙක වායු දෙකක්. හැබැයි වායු දෙක එකතු වුනාම හැදෙන්නේ වෙනම දෙයක්නේ. ඒ වගේ තමයි භාතිය ජයකොඩි කියන්නේ වෙනම කෙනෙක් සන්තුෂ් වීරමන් කියන්නේ වෙනම කෙනෙක්. අර දියරය තියෙන තාක්කල් වායු වෙලා දෙපැත්තට යන්නේ නැහැ."

සන්තුෂ් වීරමන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

"ඕනෑම දෙන්නෙක් වැඩ කරනකොට විවිධ අදහස් ගොඩක් එනවා. අපි දෙන්නත් හරි වෙනස් පුද්ගලයෝ දෙන්නෙක්. මේ අවුරුදු 22 ආපු ගමනේ එක ඩිරෙක්ෂන් එකක් තිබුනා. හැබැයි වැඩ කරන්න ආවම අදහස් අදහස් අදහස්, විවිධ මත, මෙහෙම තමයි හරියන්නේ, විවාද, මත ගැටුම් ගොඩක් තියෙනවා. ඕනෑම කෙනෙක්ගේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව තමයි වාද මත කරගෙන යනකොට මොනවා හරි අවස්ථාවක අනිත් කෙනාට තේරෙනවා නම් මේ කියන එකේ හරයක් තියෙනවා කියලා එයා පිළිගන්න ඕනේ. ඒක මමත් කරනවා, මෙයත් කරනවා."

ඔවුන් මෙම අදහස් කියලා තිබුණේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 May 2021 20:27